වසර 22කට පසු නැවතත් Jurassic World (2015) සිංහල උපසිරැසි සමගින්



ජුරාසික් පාක් පළමු චිත්‍රපටයෙන් අවුරුදු 22කට පස්සෙ නිකුත්වෙන අලුත්ම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය ආදායම් වාර්ථා බිඳගෙන ඉදිරියට ආපු මේ අවුරුද්දෙ නිකුත්වුන දැවැන්තම සිනමා නිර්මාණයක්. ආදායම් වාර්ථා ගැන සම්පූර්ණ විස්තර මේ ලිපියෙන් මම සූම් ෆෝරම් එකේ කිව්වා. යුනිවර්සල් පික්චර්ස් ආයතනය හතරවන ජුරාසික් චිත්‍රපටය නිර්මාණය කිරීමට පටන් ගත්තේ 2004 වර්ශයේ. ඒ 2005 වර්ශයේ නිකුත් කිරීමට. නමුත් විවිධ හේතු නිසා එය තවත් වසර 10කින් පමණ ප්‍රමාද වුනා. විශේෂයෙන් පිටපත අධ්‍යක්ෂණය වැනි කාරනා හේතුවෙන්. පසුගිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල ස්ටීවන් ස්පිල්බර්ග්ද මෙවර චිත්‍රපටයේ විධායක නිෂ්පාදකයෙකු ලෙස සිටිනවා. මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණය Colin Trevorrow විසින් සිදුකර තිබෙනවා.

මෙවර ජුරාසික් උද්‍යානයද තැනෙන්නේ වසර 10ක් ජුරාසික් උද්‍යානය කරගෙන ගිය ඉස්ලා නියුබ්ලා දූපතේමයි. පළමු උද්‍යානයේදි වුන සිදුවිම් අනතුරුව වසර 22කට පසුව තමයි ජුරාසික් වර්ල්ඩ් නමින් අලුත් උද්‍යානය විවෘත කරන්නෙ. සැක් සහ ග්‍රේ සහෝදරවරු මේ උද්‍යානයට එනවා. ඒ ඔවුන්ගේ නැන්දාව හමුවෙන්න. ඇය තමයි උද්‍යානයේ සියලුම මෙහෙයුම් භාරව ඉන්නේ. නමුත් ඇයට ඒ දිනවල ඉන්ඩොමිනස් රෙක්ස් නැමැති අලුත්ම වර්ගයේ දෙමුහුන් සතා පිළිබඳව වැඩ ගොඩක නියැලිලා ඉන්නෙ. ඒත් හදිසියේම ඒ දැවැන්ත ඩයිනෝසරයා කූඩුවෙන් පිටට යනවා. කාටවත් හිතාගන්න බැරි විදියකට! හැමෝම පුදුම වෙනවා.

නමුත් විද්‍යාඥයෝ විවිධ ඩයිනසෝර්ලාගේ සහ සතුන්ගේ ජාන මිශ්‍ර කරලා හදලා තියෙන්නෙ කාටවත් දෙවැනි නොවෙන, අඩුම තරමේ කොහොමවත් ඌව නතරකරන්න බැරි විදියෙ දැවැන්ත සතෙක්. බුද්ධි මට්ටමින් ඉතාම ඉහල සතෙක්. ඉතින් ඒ වගේ සතෙක් 20,000ක සෙනඟක් ඉන්න දූපතක නිදැල්ලෙ හැසිරෙන්න ගත්තම වෙන දේවල් හිතාගන්න පුලුවන් නේද? ඒ දූපතේ මිනිසුන්ට මොනවා වෙයිද? ඒවගේම අලුත් කතාව මට පරන චිත්‍රපටියටත් වඩා හිතට ඇල්ලුවා. අනිවා ඔයාලටත් ඒක හිතේවි. ඔයාලා හැමෝම මේ චිත්‍රපටිය එනකල් බලාගෙන හිටපු නිසා මම කතාවෙ වැඩි දෙයක් කියන්නෙ නෑ. අනිවා චිත්‍රපටිය බලන්න එහෙනම්.

චිත්‍රපටයේ නළු නිළි කැල ගැන කිව්වොත් Chris Pratt,Bryce Dallas Howard, Katie McGrath සහ බොලිවුඩ් නළුවෙක් වන Irrfan Khan ද මෙහි ප්‍රධාන චරිත රඟපානවා. පසුගිය චිත්‍රපටයේ රඟපෑ B. D. Wong මෙහිද රඟපානවා.

චිත්‍රපටියේ හොඳ තත්වයේ HD 720p පිටපතක් නිකුත්වුනේ. නමුත් උපසිරැසි ගොනු මේකට හරියන ඒවා නෑ. කැමරා පිටපතට ආපු උපසිරැසිය අරගෙන මේකට ගැලපෙන විදියට ටයිම්ලයින් හදමින් තමයි උපසිරැසිය කලේ. ඒක නිසා චුට්ටක් පරක්කු වෙන්න ඇති මේ සැරේ නම්. ඒත් හැමෝටම කලින් දෙන්න මේ සැරෙත් මට පුලුවන් වුන එක ගැන නම් සතුටුයි. බ්ලූරේ පිටපතත් ආපු ගමන්ම නැවත උපසිරැසිය නිකුත් කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.