විප්ලවාදියා Insurgent (2015) සිංහල උපසිරැසි සමඟින්



ගිය අවුරුද්දේ මගේ 50 වැනි උපසිරස විදියට දුන්න DIVERGENT (වෙනස් මතදාරියා) කියන චිත්‍රපටයේ දෙවනි එක INSURGENT(විප්ලවවාදියා) කියන චිත්‍රපටය තමයි ඔන්න අද රනිල් එරංග සහ මම (නිසල්) අරගෙන ආවෙ. ඇත්තටම මම මුල් බාගෙ කරද්දි එරංග මට කැමැත්තෙන්ම මේකෙ අග බාගේ කරලා දුන්නනැත්නම් මේක මේ දවස් වල තියන වැඩත් එක්ක තව සති ගානකට මට අරගෙන එන්න බැරිවෙන්න තිබුණා ඒකට ඔහුට ගොඩක් ස්තූති කරනවා මේ වෙලාවෙ අපි දෙන්නම එකතුවෙලා සබ කරත් එකම වචන පාවිච්චි කරන්න අපි වග බලාගත්තා ඔයාලගේ වින්දනයට බාදාවක් නොවෙන්න.මේක ඇත්තටම නවකතා පොත් පාදක කරෙගෙන නිර්මාණය කරන චිත්‍රපට මාලාවක් ඒ පොත් පෙළේ නම තමයි Divergent trilogy. මේ පොත් පෙළේ දෙවනි නව කතාව INSURGENT පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ එහෙනං කෙළින්ම කතාවට බහිමු...

මුලින්ම මේකෙ පළවෙනි චිත්‍රපටියේ වුනු දේවල් මතක් කරගෙන ඉමු...ලෝකයේ යුද්ධය ඇතිවීම නිසා එක නගරයක් හැර අනෙකුත් නගර සියල්ලම විනාශයට පත්වෙලා තියෙනවා දැන් මේ නගරයේ තියෙන්නේ වෙනස්ම පාලන ක්‍රමයක්. මිනිසුන් විවිධ කණ්ඩායම් පහකට තම සුදුසුකම් අනුව බෙදලා තියෙනවා 1 බුද්ධිමතුන් 2 නිර්ව්‍යාජයන් 3 උපස්ථායකයන් 4 නිර්භීතයන් 5 මිත්‍රශීලීන් යන විදියට අවුරුදු 16ට පත් වෙද්දි ළමයින්වත් පරීක්ෂණ තියලා මේ කණ්ඩායම් වලට ගැලපෙනවද කියලා බලල බඳවගන්නවා මේ කණ්ඩායම් වලට සුදුසු නැති වුනු කණ්ඩායම් රහිත පිරිසකුත් වෙනම ඉන්නවා. ගොඩක් අය තෝරගන්නේ තමන්ට උපතින්ම අයිති වුනු කණ්ඩායම ඒත් කැමති කෙනෙක්ට කැමති කණ්ඩායමකට යන්න අයිතිය තියනවා. මෙයාලට සුදුසු මොන කණ්ඩායමද කියලා තෝරගන්න උදව් වෙන්න යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා ඒකෙදි කියනවා කෙනෙක් ගැලපෙන හොඳම කණ්ඩායම මොකක්ද කියලා ඒත් කතාවෙ ප්‍රධාන චරිතය බීට්‍රස් මේ පරීක්ෂණයට මුහුණ දුන්නම එයාට ලැබෙන්නේ වෙනස්ම ප්‍රතිපලයක් DIVERGENT (වෙනස් මතදාරියා) කියන එක තමයි එයාට ලැබෙන්නේ ඒක හරිම කලාතුරකින් වෙන දෙයක් පාලන බලය තියන අය මෙයාලව මර්ධනය කරනවා ඒත් පරීක්ෂණය කරපු කෙනා හොඳ හින්දා මෙයාව හෙමිහිට මාරු කරලා යවනවා පස්සේ මෙයා එකතුවෙන්නේ නිර්භීතකයින් කියන කණ්ඩායමට ඒකෙදි ගොඩක් අභියෝග වලටත් මූණ දෙනවා. කොහොමහරි කෙනෙක් මිනිස්සුන්ව පාලනය කරන්න ගන්නවා ඒත් එයාට DIVERGENT (වෙනස් මතදාරියා) කෙනෙක්ව පාලනය කරන්න බැරිවෙනවා බීට්‍රස් කොහොමහරි සටන් කරලා කට්ටියත් බේරලා දුම්රියක නැගලා නගරෙන් එළියට යන්න යනවා මටත් මතක තියෙන විදියට ඔන්න මම පළවෙනි චිත්‍රපටයේ තිබුණු දේවල් මතක් කරා ඒක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක අමතක කෙනෙක් ඉන්නවා නම් අනිවාරෙන් ඒක බලන්න මොකද මේ චිත්‍රපටය ඒකට සම්බන්ධයි ඒක බැලුවා කියලා පාඩුවක් වෙන්නෙ නෑ කියලා
මට සහතික වෙන්න පුළුවන්.

එහෙනම් මේ චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්කෝ...මතකනේ කට්ටිය අවසානේ කෝච්චිට්යේ නැගලා පිටත්වෙලා යනවා ඒත් ඒ ගියේ වටේ ප්‍රාකාරයෙන් එළියට නෙමෙයි ඇතුලෙම ඉන්න මිත්‍රශීලින් කියන පිරිස දිහාවට ට්‍රිස්, ෆෝ එහෙම ඒ අය අතර සැඟවිලා ඉන්නවා මේ අතර ට්‍රිස්ගේ දෙමව්පියන් ගාව තිබුණු දෙයක් ජිනී හොයාගන්නවා ඒක විවෘත කරන්න වෙනස් මතදාරියෙක් ඕන වෙනවා මෙතනදි ට්‍රිස් විතරක් නෙමෙයි ඉන්න එකම වෙනස්ම් මතදාරියා.ඉතින් මොකක්ද ඒ හොයාගත්ත දේ මොකද වෙන්නේ කියලා බලාගන්න චිත්‍රපටිය ඔයාලට බලන්නම වෙනවා තව මම බාරගත්ත මාස් ෆිල්ම් එක තියෙනවා වැඩ හින්දා ඒක පරක්කු වුනේ ඒකත් එක්ක ඉක්මනට හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලට මේ උපසිරස අපි දෙන්නම එකතුවෙලා ලබාදෙනවා...





සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් J A R එරංඟ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.