Kabul Express (2006) සිංහල උපසිරැසි සමගින්




2006 වසරේ තිරගත වුන චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. අපි කවුරුත් දන්න නළුවන් දෙපළක් තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නේ ඒ Arshad Warsi හා John Abraham විසිනි. මිට අමතරව ප්‍රධාන නිළිය ලෙස Linda Arsenio රංඟනයෙන් දායක වෙනවා. මෙය සම්මාන උලෙලවල් රැසක් නියෝජනය කරන්න තෝරගත්ත චිත්‍රපටියක්. චිත්‍රපටිය දෙන්න ටිකක් පමා උනා මොකද මේකත් එක්ක ආව උපසිරැසි ගොනුවේ වෙලාව නොගැලපිම් හා අඩු පාඩුත් හදාගෙනම තමයි සබ් එක හැදුවේ.

කතාව ගැන කියනවා නම් 9/11 ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාව විසින් ඔසාමාව අල්ලගන්න හමුදා මෙහෙයුම් දියත් කරනවා නේ ඇෆ්ගනිස්ථානය ආශ්‍රිතව..මේ ගැන වාර්තා කරන්න ඉන්දියානු රුපවාහිනි නාලිකාවක වාර්තා කරුවන් දෙදෙනෙක් ඇෆ්ගනිස්ථානයට යනවා. ඔවුන් දෙන්නා තමයි සුහේල් හා ජයේ කියන්නේ. මොවුන් දෙන්නාට ඇෆ්ගනිස්ථානයේදි මුහුණ දෙන්න වෙන බිහිසුණ චාරිකාව තමයි චිත්‍රපටිය පුරාවට දිවෙන්නේ. මොවුන්ට මේ ගමනේදි අහම්බෙන් මෙන් රොයිටර් වාර්තාකාරියක්ද මුණ ගැහෙනවා ඇය ජේසිකා බේකම්. මොවුන් තුන්දෙනාම නොසිතු වෙලාවක තලේබාන් සටන්කාමින්ගේ ප්‍රණඇපයට ලක්වෙනවා..එතැනින් එහාට කතාව ඔයාලාම බලන එක හොදයි... ත්‍රාසය හා හාස්‍යයක් නොඅඩුව ගලායන චිත්‍රපටියක් ලෙසත් මේ චිත්‍රපටිය හදුන්වන්න පුලුවන්. අරගෙන බැලුවාට පාඩුවක් වෙන එකක් නෑ. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.