Extraterrestrial (2014) සිංහල උපසිරැසි සමගින්



Sci-Fi Thriller වර්ගීකරණයට අයත් වන චිත්‍රපටි බලන්න අපි කවුරුත් ආසයි නේ. ඒ පැත්තට ගොඩක් බර චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේ චිත්‍රපටිය අපේ ගයාන් තමයි මට ගෙනල්ලා දුන්නේ. උපසිරැසියක් නැති නිසා මම හිතුවා මේකට සබ් කරලා දැම්මොත් හොද වේවි කියලා. 2014 ඔක්තොම්බර් මස තිරඟත වුන මේ චිත්‍රපටිය 5.1 වැනි මධ්‍ය අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. නමුත් චිත්‍රපටියේ කතාව නම් ඇත්තටම 6/10ක් පමණ ලබාගන්න තරම් වටිනවා. මුළු කතාවම පිටසක්වල ජිවින් සම්බන්ධව තමයි ගෙතෙන්නේ...ඒ වගේම සවේදි අවසානයකුත් මේ චිත්‍රපටියට අන්තර්ගතවෙනවා. මේ චිත්‍රපටිය බැලුවාම මට මතක් උනේ The Cabin in the Woods චිත්‍රපටියයි.

කතාව ගැන කිව්වොත් ඒප්‍රිල්,කායිල්,මෙ ලනී,සෙත්,ලෙක්ස් මේ අය ටිකක් දුරපලාතකට සති අන්තයේ යන්න තිරණය කරනවා. මේ යන්නේ ඒප්‍රිල් පොඩි කාලේ හිටිය ගෙදරක් විකුණන්න කියලා. මේ ගමට මුලින් ඒප්‍රිල් හා ඇයගේ පෙම්වතා කායිල් පමණයි යන්න හිටියේ නමුත් අතර මැදදි යාළුවෝ කිපදෙනෙකුත් එකතු වෙනවා. කොහොම හරි මේ ගෙදරට ගිහින් ඉද්දි එයාලා දකිනවා රෑ කැලැව මැද්දට මොකක් හරි කඩන් වැටෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ ගුවන් යානාවක් කියලා. නමුත් ගිහින් බලද්දි දැනගන්නවා මේ පිටසක්වල යානාවක් නේද කියලා. හැබැයි ඒප්‍රිල් හා මෙලනි මෙය විශ්වාස කරන්නේ නෑ. ඔවුන් හිතන්නේ මේක ඇමරිකානු හමුදාවේ මොකක් හරි ගුවන් යනාවක් කියලා. කොහොම හරි මේ අයට අඩි සටහන් වඟයකුත් දකින්න ලැබෙනවා. මොවුන් ඉක්මන් කරලා තමන් නැවති ඉන්න ගෙදරට එනවා. එහෙම ආවම තමයි දැනගන්නේ අර යානාව ගාව ඉදලා තිබ්බ අඩි සටහන් කෙලින්ම මොවුන් නැවතිලා හිටිය නිවස පැත්තට තමයි තිබුනේ කියලා..ඉතිරිය චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.