Indru Netru Naalai (2015) සිංහල උපසිරැසි සමගින්



ඔන්න ආපහු චිත්‍රපටි කිහිපයක් අරගෙන ආවා.. මේ චිත්‍රපටිය ටිකක් විද්‍යාත්මක පැත්තටත් බර කරලා හදපු චිත්‍රපටියක් කාල යන්ත්‍රයක් ගැන තමයි චිත්‍රපටියේ තියෙන්නේ.Vishnu Vishal හා Mia George මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.Vishnu කියන නළුවාගේ චිත්‍රපටියක් වන Mundasupatti (2014) චිත්‍රපටිය අපි ලඟදි දුන්නා මතක ඇතිනේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ravi Kumar. R විසිනි. කතාව ගැන කියනවා නම්,2065 දි විද්‍යාඥයෙකු විසින් යන්ත්‍රයක් නිර්මාණය කරනවා එයින් කාලය හරහා යාම ඒමට හැකි වෙනවා. කොහොම හරි ඔහු පරික්ෂනයේ සාර්ථක අසාරථ්ක බාවය බලන්න මේ යන්ත්‍රය පාවිච්චි කරලා බලනවා. ඔහු වර්තමානයට පැමිණෙනවා. ඒ කියන්නේ 2015ට. මේ අතර මේ එන යන්ත්‍රය Elango ට හම්බවෙනවා. Elango කියන්නේ රස්සාවක් නැතුව යාළුවා එක්ක පිස්සු නටන තරුනයෙක්. මේ රස්සාවක් නැති හින්දාම යාළුවෙලා ඉන්න කෙල්ලගේ තාත්තාගෙන් පවා අවුලක් එනවා දෙන්නාගේ සම්බන්ධයට. කොහොම හරි වර්තමානයට ආව මේ යානය Elango පාවිච්චි කරලා එක එක විකාර වැඩ කරනව. ඒ මොනාද කියලා බලන්න නම් ෆිල්ම් එක අරන් බලන්නම වෙනවා. තව චිත්‍රපටිකින් ඉක්මනින්ම හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.