Ishk Actually (2013) සිංහල උපසිරැසි සමගින්



වැඩි දෙනාගේ ඇස නොගැටුනු වගේම අනිවාර්යෙන් තාමත් ඔයාලා බලලා නැහැයි කියලා හිතෙන හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මෙහි ප්‍රධාන චරිතය කරන්නේ ඔබ කවුරුත් දන්න Rajeev Khandelwal විසිනි. Table No.21,Shaitan,Samrat & Co වැනි ඔහුගේ චිත්‍රපටි ඔබ අනිවාර්යෙන්ම නරඔලා ඇති කියලා හිතනවා. මිට අමතරව Neha Ahuja හා Raayo S. Bakhirta විසින් සෙසු චරිත වලට පන පොවනවා.ඒ වගේම මේ චිත්‍රපටිය ටිකක් සිංදු වලට බර චිත්‍රපටියක්. විනාඩි 15කට විතර පාරක් ගිතයක් ගොඩක් වෙලාවට යනවා. ඒ ගීත සියල්ලම උපසිරැසි ගන්වලා තියනවා වගේම ඒ ගීත සියල්ලත් මේ චිත්‍රපටිය බැලුවොත් විදින්නට හැකිවේවි.. චිත්‍රපටිය ගැන මේ විදියට කියන්නම්...

ආදරය කියන දේ සමහරුන්ට නොදැනුවාත්වම ලඟටම එනවා...එත් ඒ ලැබුන ආදරය රැක ගන්න ඒ අයට බැරි වෙනවා..ඒ අතරේ සමහර අයට ලැබිලා තියන ආදරයෙන් සැහිමකට පත්වෙන්න බැරි වෙනවා... සමහර විට අපි අපට ගැලපෙන ආදරයක් හොයන්න හතර වටේම අපි යන්න පුලුවන්...එත් පොඩ්ඩක් වටපිට බැලුවොත් ඔබ හොයන ආදරය ඔබ ලඟම තියනවා කියලා දැනගන්නත් පුලුවන් වේවි. එත් ගොඩක් අය ඒක පිලිගන්නේ නෑ.යාළුකමට හැදුනුම්කමට ආදරය කියන වචනය ගාව ගන්න ගොඩක් අය බයවෙනවා.ඉතින් අනික් හැමෝම වගේ නොදන්න කෙනෙක් ගේ ආදරය නැමැති ධාවන තරඟයේ දුවන්න ගන්නවා. මේ ආදරය නැමැති ධාවන තරගයේ දුවලා දුවලා අන්තිමට හති වැටිලා වටපිට බැලුවාම අපි දකිනවා අපි ආපහු පටන් ගත්ත තැනටම නේද ඇවිල්ලා ඉන්නේ කියලා...එතකොට තමයි තමන් ලඟ තිබ්බ දේ තමයි වටින්නේ කියලා තේරුම් යන්නේ..එත් අපිට ඒක තේරෙන කොට හැමදේකටම පමා වැඩිවෙන්න පුලුවන්... ජීයා,කබීර්,නීල්, ඇන් මේ අයගේ ජිවිත ඉහත කිව්ව කාරණාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක දැනගන්න චිත්‍රපටිය බලන්නකෝ එහෙනම්..හැමෝටම ගැලපෙන්නේ නැති වේවි... නමුත් හැමෝටම නොගැලපෙන්නෙත් නැති වේවි... හමුවෙමු තවත් චිත්‍රපටියකින්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.