Masss (2015) සිංහල උපසිරැසි සමගින්



අද අරගෙන ආපු චිත්‍රපටිය නම් අහම්බෙන් මෙන් මට කරන්න ලැබුන එකක්.. එත් මම ආසාවෙන්ම කරපු චිත්‍රපටියක්.දමිළ සිනමාවේ මම කැමැතිම නළුවෙක් තමයි සූර්යා කියන්නේ. මම හිතන්නේ ගැණුළමයි මෙන්නම පිරිමි ගොඩක් අයත් මේ නළුවාට කැමැතියි. මේ චිත්‍රපටිය නරඔන්න හදලා සබ් එක ඇඩ්මින්ගෙන් ඉල්ලුවාම තමයි ඇඩ්මිනුත් කිව්වේ මේ චිත්‍රපටිය අපි දුන්නේ නෑ නේ කියලා. මම ඇහුවා මම උත්සහායක් කරලා බලන්නද කියලා..ඒක නිසා තමයි ඊයේ හා අද මහන්සිවෙලා මේක ඔයාලාට අරගෙන ආවේ. මේ චිත්‍රපටියත් එක්ක ආව ඉංග්‍රිසි සබ් එකේ ලයින් 2490ක් විතර තිබ්බා. එත් මම දාපු සිංහල සබ් එකේ ලයින් දැන් තියෙන්නේ 1500ක් වගේ. එහෙම කියලා ලයින් අඩුකරලා නැහැ. ඉංග්‍රිසි සබ් එකේ ලයින් ගොඩාක් ලඟින් ලඟ කඩලා තිබ්බේ. ඉතින් කියවන්න ලේසි වෙන්න එවා එකට කරලා හැදුවා.මම හිතනවා පලවෙනි පාරට මම ඒ කරපු දේ හොදට කරන්න ඇති කියලා.

චිත්‍රපටිය කිව්වොත් මන්ගාතා,බිරියානි වගේ ජනප්‍රිය චිත්‍රපටි හදපු අධ්‍යක්ෂක Venkat Prabhu අඟනා නිර්මාණයක්. Suriya හා Nayantara ප්‍රධාන චරිත කරනවා. මාස් යනු මිනිස්සු රවට්ටන ලොකු හොරෙක්. එසේ මෙසේ වැඩ නෙමෙයි මාසුයි එයාගේ යාළුවයි එකතු වෙලා කරන්නේ. එත් මෙයාලා දරුණු මැරයෙක්ගේ සල්ලි හොරකම් කරන්න ගිහිල්ලා අන්තිමට අමාරුවේ වැටෙනවා. මේ නිසා මාස් හා යාළුවාව මරන්න මේ මැරයාගේ කට්ටිය එනවා. එහෙම ඇවිල්ලා පැනලා යද්දි වෙන අනතුරක් නිසා මාස් මැරෙන්න ගිහිල්ලා ඔන්න මෙනේන කියලා බේරෙනවා. එත් මේ සිදුවිමෙන් පස්සේ මාස්ට අමුතු බලයක් ලැබෙනවා. ඒ කියන්නේ මැරිච්ච අයව පෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි කතාව මැද්දට යද්දි මාස් වගේම ඒ හැඩරුව තියන කෙනෙක්ම කතාවට එනවා..ඔන්න එතකොට තමයි කතාව පටන් ගන්නේ. අරගෙනම බලන්නකෝ...සබ් එක ගැනත් කැමැති නම් අදහසක් දාගෙන යන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.