Mundasupatti (2014) සිංහල උපසිරැසි සමගින්



තවත් දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා මේ චිත්‍රපටිය තිරඟත උනේ 2014 අවුරුද්දේ. කොමඩි චිත්‍රපටියක් ලෙස තමයි මෙය වර්ඟිකරනය කරලා තියෙන්නේ.Vishnu,Nandita,Kaali Venkat යන නළු නිලියන් රැසකගේ රංඟනයෙන් හැඩවන මේ චිත්‍රපටිය Pizza,Pizza 2,Thegidi වැනි ජනප්‍රිය චිත්‍රපටි නිශ්පාදනය කරපු සී වී කුමාර් ගේ නිශ්පාදනයක්. කතාව ගැන කියනවා නම් මුලින්ම මේ කතාව 1980 ගනන් වලට ඇදි යනවා. ඉන්දියාවේ එක්තරා ගමක් තියෙනවා මේ ගමට විදේශකයෙක් එනවා. මේ විදේශකයා ගම වටේම පින්තුර ගන්නවා. ඒ කාලේම වගේ ගම පුරාම දරුණු වසංගතයක් පැතිරිලා යනවා. ගමේ හැමෝම විස්වාස කරන්න ගන්නවා අර විදේශිකයා ඡයාරුප ගත්ත නිසා තමයි මේ දේ උනේ කියලා. ඒ වගේම මේ කාලේම වගේ මේ ගමට උල්කාවක් කඩා වැටෙනවා. මේ උල්කාවේ ලෝකයේ හොයාගන්න බැරි මුලද්‍රව්‍යක් අන්තර්ගත වෙනවා. නමුත් මේ ගමේ අය මේ මුකුත්ම දන්නේ නෑ ඔවුන් කරන්නේ ඒක දෙවියන්ගෙන් ලැබුන තැග්ගක් කියලා හිතලා පාවිච්චියට ගන්න එක තමයි. කාලය ගෙවිලා යනවා මේ ගමට ගෝපි කියලා තරුණයෙක් එනවා පත්තරයකින්. මොහු ගාවත් කැමරාවක් තියනවා. දැන් ඉතින් හිතාගන්න පුලුවන් නේ ගමේ අය මේ කෙනාව පිලිගන්න විදිය..ඒ විතරක් නෙමෙයි ගමට ආව ගෝපි ගමේදි දැක්ක ක්ලයාණි කියන ගැණු ළමයා එක්කත් යාළුවෙනවා. ගමේ අය මේ දේටත් විරුද්ධ වෙනවා.. බලන්නකෝ මේ ගමේ අයට මොකද වෙන්නේ ගෝපි ආවට පස්සේ කියලා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.