Harbinger Down (2015) සිංහල උපසිරැසි සමගින්



ඔන්න එහෙනම් තවත් අලුත්ම චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මේක එච්චර ජනප්‍රිය ෆිල්ම් එකක් නෙමෙයි හැබැයි මේ හා සමාන චිත්‍ර‍පටි කිහිපයක්ම කලින් නිර්මාණය වෙලා තියනවා. ඔයාලා බලලා තියනවා ද THING චිත්‍ර‍පටිය. අන්න ඒ චිත්‍ර‍පටියේ වෙන සිදුවිමට මේ චිත්‍ර‍පටියේ ලොකු සමාන කමක් තියනවා. ඒ වගේ සතෙක්මයි මේකේ ඉන්නේ. කතාව කියනවා නම් කිපදෙනෙක් තල්මසුන් ගවේෂණය කරන්න ඇලෙස්කාවට ගොස් කකුලුවෝ අල්ලගෙන එන ධිවර යාත්‍රාවකට ගොඩ වෙනවා. මෙහෙම යද්දි ඔවුන්ට යමක් මුහුදේ තියනවා කියලා සංඥාවක් ලැබෙනවා. මේ අය කැමරාවක් යවලා බලනවා මුහුද යටට මේ මොකක්ද කියලා. එතකොට දකිනවා රතු පාට එලියක් දැල්වෙන කුමක් හරි මුහුදේ තියනවා කියලා.මේ අය ඒක ගොඩට ගන්නවා. ඒක හිමින් මිදිලා තියෙන්නේ. මේ අයට තේරුම් යනවා මේක අභ්‍යාවකාශ යානාවක් කියලා. ඒක මුහුදට කඩා වැටිලා කියලා තමයි මේ අය අනුමාන කරන්නේ. ඒ වගේම මේක මුහුද යට සැහෙන කාලයක් තිබිලා තියනවා කියලා එකේ බැදිලා තියන අයිස්වල ගණකමින් එයාලා තේරුම් ගන්නවා. මේක වැඩිදුර පරික්ෂණ කරන්න කියලා නැව ඇතුලට දාගන්නවා. නමුත් මේ නැව ඇතුලට දාගන්නේ ලොකු අනතුරක් කියලා එයාලා දැනන් ඉන්නේ නෑ. ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.