Insidious: Chapter 3 (2015) සිංහල උපසිරැසි සමගින්



එහෙනම් තවත් හොල්මන් චිත්‍රපටයක් ආපු ගමන් උණු උණුවෙ දෙන්න තමයි මේ හදන්නෙ. මේ සීරීස් එක ගැන දැන් හැමෝම බලලා ඇති. හොල්මන් චිත්‍රපට වලට ප්‍රිය කරන අය නම් මේ කතාව ගැන නොදැනගෙන ඉන්න විදිහක් නැහැ. ඒ වගේම හොල්මන් චිත්‍රපට ගැන කියන්න දෙයක් නැහැනෙ. ඒවා ඇතුලෙ අඳුරු බලවේග තියෙනවා. නරක භූතාත්ම ගැන කතාවෙනවා. ඉතින් බොහෝ දෙනෙක් කියන විදිහට, බොහෝ දෙනෙකුගේ විචාරයන් අනුව මේක අනෙක් කතා දෙකටම වඩා ඉහලින් තියෙනවාලු. මටත් මේ කතාව කලින් ආපු දෙකටම වඩා හොඳයි. කලින් කතා වලට වඩා මේ කතාවෙ නිර්මාණාත්මක භාවයක් තියෙනවා. සුපුරුදු පරිදි පළමු කතාවෙ ඉඳන් මේ වෙනකන් ඉන්නේ අපි සිංහලෙන් කියනවා නම් කට්ටඩියා. ඉංග්‍රීසිය සිංහලේට පරිවර්තනය කරාම ඉතින් එයාටකියන්න වෙන්නෙ ආධ්‍යාත්මිකයා කියලා. ඉතින් පරණ කතාවෙ හිටපු අපේ ප්‍රධාන නිලිය එනම් ආධ්‍යාත්මිකයා තමයි මේ පාරත් භූතාත්මය එලවලා දාන්නෙ. ඉතින් කතාවෙ මුල සිටම කුතුහලය කියන එක ඇතිවෙනවා. මොකද කතාව පටන් ගන්නේම ක්වීන් කියන ගෑනු ලමයා ප්‍රශ්නයක් අරගෙන එනවාත් සමඟමයි..

කතාවෙ සන්ධර්භය ගැන කතාකලොත් මේ කතාව පටන් ගන්නකොටම ක්වීන් කියන කෙල්ල අපේ එලීස්ව හොයාගෙන එනවා අම්මා මිය ගිය දෙයක් ගැන කතාකරගන්න. එතැන් සිට එලීස්ට හිතෙනවා මේ කෙල්ලට උදව් කරන්න. ඒත් ඇය මනසින් භවයේ සැරිසරන්න ගන්නකොට එක්තරා භූතාත්මයක් විසින් ඇයට කරදර කරන්න ගන්නවා. ඒක නිසා අපේ කතානායිකා එමලිට කිසිම කෙනෙක්ට උදව් කරන්න ලැබෙන්නෙනෑ. ඇත්තටම ඇය බය වෙලයි ඉන්නෙ ආධ්‍යාත්මික තත්වයට ගියොත් එම භයානක භූතාත්මය ඇවිත් ඇයව මරාවි කියලා. ඉතින් ක්වීන්ට එලීස්ගෙන් උදව් ලැබෙන්නෙ නෑ. හැබැයි ක්වීන්ට ඇයගෙ අම්මා කතාකරනවා කිව්වට ඒ ඇයගෙ අම්මා නෙමෙයි. ඉතිම භයානක අඳුරු බලවේගයක් කියලා තමයි එලිස් කියන්නෙ. මේ පටලැවිල්ල ලිහා ගන්න අපි කතාව බලලම ඉමු නේද...

හොල්මන් චිත්‍රපට වලට අධිපති Blumhouse Productions කණ්ඩායම තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ, ඒ වගේම බෙදා හැරීම Focus Features ලා විසින් කරලා තියෙනවා. කතාවෙ අපේ එලීසාට රඟපාන Lin Shaye විසින් There's Something About Mary (1998) Insidious Insidious (2010) Insidious: Chapter 2 Insidious: Chapter 2 (2013) A Nightmare on Elm Street A Nightmare on Elm Street (1984) යන චිත්‍රපට වලට රඟපෑමෙන් දායකත්වය දක්වලා තිබෙනවා. එමෙන්ම Dermot Mulroney, Stefanie Scott, Angus Sampson යන නළු නිළියන්ද චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. එමන්ම චිත්‍රපටයේ වියදම වශයෙන් සඳහන් වන්නේ $10,000,000 වගේ මුදලක්. එමෙන්ම මෙම චිත්‍රපටයට ලෝකෙන්ම ලැබුන ආදාවම දිහා බැලුවාම $109,518,558 වගේ මුදලක් අපට පෙන්වා දෙන්න පුළුවන්. බැලූ බැල්මට චිත්‍රපටයෙන් ආදායමක් ලබාගෙන තිබෙනවාකියන්න පුළුවන්. එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.