Monkey Kingdom (2015) සිංහල උපසිරැසි සමගින්



මේක අරගෙන එන්න ටිකක් පමා උනාට සමාවෙන්න කොහොම හරි පරක්කු උන නිසාම ඊයේ පෙරේදා නිකුත් වුන වඩාත් ගුණාත්මක Bluray හා Webrip පිටපත් දෙවර්ගයටම උපසිරැසි අරගෙන තමයි ආවේ.මේ වාර්තා රුපවාහිණි වැඩසටහන අපට වැදගත් වෙන්නේ මෙය සම්පුර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ ලංකාව තුලයි.monkey kingdom කියලා තිබ්බාට වදුරන් ගැන නෙමෙයි රිලවුන් ගැන තමයි මෙහි කතා වෙන්නේ.ඇත්තටම අනුරාධපුර පොලොන්නරු වගේ ට්‍රිප් එක්ක යද්දි ඔයාලා හැම තැනම ඉන්න රිලව් දැකලා ඇති. සමහර රිලව් වාහන වලට පවා අලාභහානි කරනවා දැකලා ඇතිනේ. ඒ දේවල් වෙන්නේ මොකද එතකොට මේ රිලව් ඇති කැලැවෙන් මිදිලා සෙනඟ වාසය කරන පැති වලට එන්නේ කියලා මනාව මේ වාර්තා වැඩසටහනේ පෙන්වනවා.කොටි සිංහයෝ ගැන වාර්තා වැඩසටහන් බලලා ඇති ඔයාලා. මතකනේ අපි ඔයාලාවෙනුවෙන් ලබා දුන්න PLANET EARTH හා Life (2009) වාර්තා රුපවාහිනි වැඩසටහන්. එවා නොබැලුවාත් මේ වාර්තා චිත්‍ර‍පටිය බලන්න කියලා ආරාධනා කරනවා. මොකද අපි නිතර දකින රිලව් ගැන ලොකු අර්ථකථනයක් මේ අය ලබාදෙන නිසා. ඔබ නොදන්න ගොඩක් දේවල් මේක බැලුවාම දැන ගනිවි. ඒ වගේම මේහි උපසිරැසි වල කොටසක් කරලා දුන්න ඉමාෂාටත් ස්තුති වන්ත වෙනවා. එහෙනම් තව හොද නිර්මාණයකින් හමුවෙනතුරු මේක රසවිදින්නකෝ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත හා ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.