SPL : Kill Zone (2005) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න මම අද අරන් ආවේ 2005 වසරේ තීර ගත වෙච්චර සුපිරි හොංකොං ක්‍රියාධාම චිත්‍රපටයක් මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි ක්‍රියාධාම චිත්‍රපට අධයක්ෂක කෙනෙක් වෙන Wilson Yip විසින්. ඒ වගේම මේ චිත්‍රපටියට මේ වෙන කොට නැගෙන හිර ආසියාවේ වගේම ලෝකේ ගොඩක් ජනප්‍රය සටන් නළුවන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙලා තියනවා නම් වශයෙන් Wu Jing, Donnie Yen, Simon Yam යන සටන් නළුවන් මෙම චිත්‍රපටය මම කලින් ගෙනාපු SPL 2 Time For Consequenes කියන මෙහි දෙවන චිත්‍රපයට එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒත් ඒක වගේම හොඳ සටන් ජවනිකා කිහිපයක්ම දකින්න පුලුවන් Donnie Yen කියන කෙනා ගැන කියන්න දෙයක් නැහැ නේ හැමෝම එයාගේ ක්‍රියාධාම ගැන දන්නවා. මේ චිත්‍රපයට වටා තියන කතාව ගැන පොඩියට කියනවා නම් පොලිස් පරීක්ෂක චෑන් ක්වොක්-චුං එයාගේ මුලික මෙහෙයුම විදියට කරන්නේ වොං පෝ කියන ප්‍රභල පාතල කල්ලි නායකයා අල්ල ගන්න හදන ඒක මේක එයාට ලෙසි වෙන්නේ නැහැ එයාට ගොඩක් දෙවල් වගේම එයාව අල්ල ගන්න තිබුන හොඳ අවස්ථා නැති වෙනවා. එත් අන්තිමට මෙයා දැන ගන්නවා මෙයාගේ මොළයේ ගෙඩියක් තියනවා කියලා ඒ නිසා මෙයාට ඕනේ මැරෙන්න කලින් කොහොම හරි එයාගේ වැඩේ ඉවර කරන්න. ඒ වගේම මෙයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා එයාල ඔක්කොම ගොඩක් චුංට පක්ෂපාතියි ඒ වගේම මෙයාට විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියලා අලුත් පොලිස් පරීක්ෂක මා ක්වොන් එනවා එයා හොඳ සටන් හැකියාවක් තියෙන කෙනෙක් මෙයා එක්ක එකතු වෙලා මේ කණ්ඩායම වොං පෝ අල්ල ගන්න දරණ උත්සහය තමයි චිත්‍රපටය පුරාවට දකින්න තියෙන්නේ. ඒත් දුක මම ගොඩක් ආස කරන චීන නළුවෙක් වෙන Wu Jing (ජැක්) මේ චිත්‍රපටයේ සතුරාගේ චරිතයක් රඟ පාන එක කොහොම හරි හරියටම ඊට අවුරුදු 10ට පස්සේ ආපු මම කලින් දිපු චිත්‍රපටයේ එයා ප්‍රධාන චරිතයකට පණ පොවනවා. මේක ගැන වැඩි විස්තරයක් තව ඕනේ වෙන්නේ නැහැ. දෙවනි එක බලපු අය අනිවාරෙන් මේක බලන්න ඕනේ. එහෙනම් මේක බලලා අනිවාරෙන් අදහසකුත් දක්වලා යන්න. තව මේ වගේ හොඳ චිත්‍රපටයකින් හමු වෙමු. ගිහින් එන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.