That Girl in Yellow Boots (2011) සිංහල උපසිරැසි සමගින්



කාලේකට පස්සේ තමයි චිත්‍ර‍පටියක් අරගෙන එන්නේ. මේ චිත්‍ර‍පටිය ගයාන් තමයි මට දුන්නේ පුලුවන් නම් කරලා දෙන්න කියලා. මුලින්ම කියන්න ඕන මේක +18ට වඩා වැඩි අය බලනවා නම් වඩාත් හොද වේවි. එහෙම කියන්නේ කතාවේ අන්තර්ගතය ගැන හිතලා බලලා. අනිත් එක මේක හැමෝටම ගැලපෙන එකක් නම් නැහැ. මසාලා වර්ගයේ හින්දි චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේ චිත්‍ර‍පටිය කොහොමටවත් ගැලපෙන්නේ නම් නැහැ.චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Anurag Kashyap විසිනි. ඔහුගේ චිත්‍ර‍පටි බලලා තියන අය දන්නවා ඇති නේ වෙනස් වෙනස් තේමාවන් වලින් ඔහු චිත්‍ර‍පටි කරන්නේ කියලා මේකත් ඒ වගේම එකක් තමයි.
මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Kalki Koechlin,Gulshan Devaiya,Naseeruddin Shah, රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් රුත් කියන්නේ බ්‍රිතාන්‍යයේ හැදි වැඩුන තරුණියක්. ඇය ඉන්දියාවට එන්නේ එක් අරමුණකින්. එත් තමන්ගේ තාත්තාව හොයාගන්න. තාත්තා රූත්ව අතහැරලා යන්නේ ඇය පොඩිකාලේදිමයි. අම්මාත් රූත්ට තාත්තා ගැන වැඩි යමක් කියන්නේ නෑ. නමුත් ලඟකදි රූත්ට තාත්තා ගේ ලිපියක් ලැබෙනවා ඉන්දියාවේ ඉදන්. ඉතින් ඇය තමන්ගේ තාත්තාව හොයාගෙන එනවා ඉන්දියාවට. ඉන්දියාවට ආව මේ අවුරුදු 20ක් විතර වෙන කෙල්ලට විදින්න වෙන්නේ නම් ජිවිතේටවත් හිතපු නැති එවා...රුත්ට තමන්ගේ තාත්තාව හොයාගන්න පුලුවන්වේවිද? කිසිසෙත්ම විස්වාස කල නොහැකි අවසානයක් එක්ක තමයි චිත්‍ර‍පටිය දිගහැරෙන්නේ. ගොඩක් ඉන්දියාවේ අය මම දැක්කා මේ චිත්‍ර‍පටිය ගැන හොද අදහස් පල කරලා තිබුනේ නෑ. ඒ ඉන්දිය සමාජය ගැන දැඩි ලෙස චිත්‍ර‍පටිය විවේචනය කරලා තියන නිසා. නමුත් ඉන්දියානු සමාජයේ සැබැ ඇත්ත එයයි. එහෙනම් මෙවැනි චිත්‍ර‍පටි ප්‍රියකරන අය පමණක් මේ චිත්‍ර‍පටිය අරගෙන බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.