The Cobbler (2014) සිංහල උපසිරැසි සමගින්



කොහොමද හැමෝටම? මම හුගකාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් අරන් ආවා Grown Ups 2 එකෙන් පස්සේ. මේ මගේ දෙවනි සබ් එක.මේ ෆිල්ම් එක ගැන ටිකක් කිවුවොත් මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Tom McCarthy. IMDB එකේ 5.8/10 රේටින් එකක් තියනවා. හොදයි අපි දැන් බලමු මේ කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ඉතින්, මේ කතාවෙන් කියන්නේ අමුතුම සපත්තු මහන්නෙක් ගැන. මෙයා මෙයාගේ කඩේ කම්මැලි කමෙන් තමා මුලින්ම වැඩකලේ. මේ සපත්තු මහන මැක්ස් කියන කෙනාට මේ කඩේ උරුම වෙන්නේ පරම්පරාවෙන්. මෙයාගේ වෙනද සපත්තු මහන මැෂින් එක කැඩෙනව දවසක් ඒ හින්දා මෙයා අමුතුම මැෂින් තිබිලා ඒක පාවිච්චි කරලා සපත්තු මහනවා. ඒකෙන් මහන සපත්තු දැම්මහම මේයාගෙ රූපෙ වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කරලා මෙයා හුගාක් දේවල් කරනවා. හැබැයි ඒ ඒ එකක්වත් නරක වැඩ නෙමෙයි. ඔක්කොම හොද වැඩ. ඔයාලම මේක බලලම කියන්නකො කොහොමද මේ සපත්තු මහන්නා කියලා. මේක බලලා හොද නරක කියන්න. ඉක්මනටම ආයිත් හම්බ වෙමු හොද කොමඩි ෆිල්ම් එකක් එක්ක!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සසිඳු චතුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.