Kayal (2014) (සුණාමියේ අතුරු කතාවක්) සිංහල උපසිරැසි සමඟ.



කාලේකට පස්සේ දමිළ චිත්‍රපටියක් අරන් ආවා. මේ චිත්‍රපටියේ ඉන්න නළුවෝ නම් ඔයාලට හුරු පුරුදු චරිත නම් නෙමෙයි. හැබැයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන නිළිය නම් Priyathama Neevachata Kushalama වගේම මම ඔයාලට දුන්න Poriyaalan චිත්‍රපටියෙක් ඇය ප්‍රධාන චරිතය නිරුපණය කලා. මේ චිත්‍රපටියේ ඉන්න නිළිය දැක්කාම ඒ වගේම කෙනෙක් දැන් අවුරුදු දෙකකට විතර කලින් මමත් දැනන් උන්න නිසා මේ කෙනාව දැක්කාම එයාවමයි මතක් වෙන්නේ.(මේ චිත්‍රපටියේ නම් මේ කෙල්ල ටිකක් කැතවෙලා අනේ මන්දා) අරම මතක් වෙන නිසා තමයි Poriyaalan චිත්‍රපටියත් දුන්නේ. තව මේ නිළිය ඉන්න චිත්‍රපටි ආවොත් මම දෙන්නම් කියලා මම මුලින්ම සුපුනාට කියලා තිබ්බ නිසා මේ චිත්‍රපටියේ පිටපතක් ආව ගමන් මම කරන්න ගත්තා. ඒ වගේම අංකන දත්ත පිටපත නිර්මාණය කරලා දුන්න විසුවල් ආයතනයටත් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේ චිත්‍රපටියට කිසිම භාෂාවකින් උපසිරැසියක් අන්තර්ජාලයේ නැහැ. මේ චිත්‍රපටිය දෙන්න ටිකක් පමා කලා හොද පිටපතක් ආවත් මොකද මේ චිත්‍රපටිය කොළඔ ඉතා හොද සිනමාහලක තිරගත වෙමින් පැවතුන නිසා. පෙරේදා තමයි ඔවුන් තිරගත කිරිම අවසන් කලේ.කොහොමත් කොළඔ ඉතාමත් හොද සිනමා ශාලා වල තිරගත වෙන්නේ තොරාගත්ත දමිළ චිත්‍රපටි පමණයි. එවාත් ඉතාම හොද චිත්‍රපටි නම් විතරයි තිරගත වෙන්නේ. ඉතින් අද දෙන චිත්‍රපටිය ඉතා හොද චිත්‍රපටියක් කියලා අමුතුවෙන් කියන්න උවමනා නැති වේවි...කොහොමත් අපි නරක චිත්‍රපටි අරගෙන එන්නේ නෑ නේ. සැකයක් තියේ නම් චිත්‍රපටියේ ට්‍රේලර් එක උඩ තියනවා නේ එක බලලාම ඉන්ට.

2004 දෙසැම්බර් 26 ඉතිහාසයේ සිදුවු දරුනුම ඛේදවාචකයක් සිදුවුන බව ඔයාලා හැමෝම දන්නවා. ඒ සුනාමි ඛේදවාචකය. මේ සුනාමියට හසුවිමෙන් ජිවිත දහස් ගනනක් නැති වුනා. මේ අතර ආදරවන්තයෝ කි දෙනෙක් ඉන්නට ඇද්ද. අරොන් කායල් කියන්නේ මේ සිදුවිමට මුණ දුන්න තවත් ආදරවන්තයින් දෙපලක්. ආරොන් කියන්නේ ජිවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත කරන කෙනෙක්.ඔහු තම හොදම යාළුවා එක්ක එකතු වෙලා මාස 6ක් මහන්සිවෙලා වැඩ කරලා මුදල් ඉතිරි කරගෙන ඉන්දියාව පුරාම එක මාසයක් රවුම් ගහනවා. විනොද වෙනවා. ආරොන් විශ්වාස කරනවා සල්ලි හම්බකරන්න ඕන ජිවත්වෙන්න මිසක්...සල්ලි හම්බකරන්න ජිවත්වෙන්න නරකයි කියලා. ඒ වගේම අරොන් ගේ ජිවිතේ එක දෙයක් විශ්වාස කරනවා ඒ කියන්නේ කවදා හරි තමන්ගේ ඉරනම් කාරි මුණගැහේවි අහම්බෙන් කියලා. අරොනුයි යාළුවායි මේ දෙසැම්බර් මාසයේ කන්‍යාකුමාරි වලට යනවා. මේ යන ගමනේ අතර මඟදි තමයි අහබු සිදුවිමක් වෙලා කායල්ව අරොන්ට මුණගැහෙන්නේ. එත් දෙන්නාට දෙන්නා එකතුවෙලා කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැ...කතාව කියාගෙන යද්දි හරි නැහැනේ. මේ ආදරවන්තයින් දෙන්නා ගේ ආදර කතාවට මොනා වෙයිද? මම වැඩි විස්තරයක් කියන්නේ නෑ අරගෙන බලන්න....මේකේ අන්තිම විනාඩි 5 ඔඩියෝ විඩියෝ වල නොගැලපිමක් තියෙනවා. හැබැයි ඒක ලොකු බාධාවක් වෙන්නේ නම් නැහැ. කැමැති අය අරගෙන බලන්න ඒක.කොහොම හරි අර අඩුපාඩුව හදපු චිත්‍රපටියේ ඩිවිඩි පිටපත නිකුත් වෙලා තියෙනවා ඊයේ පේරේදා..ඉතින් ඒකටත් උපසිරැසි යාවත්කාලින කිරිමේ පොරොන්දුව පිට සමුගන්නවා. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.