Into the Grizzly Maze (2015) සිංහල උපසිරැසි සමගින්



මේ චිත්‍රපටිය නිකුත් වුනේ පසුගිය අගොස්තු මාසෙ. ඒවගේම චිත්‍රපටියේ විශේෂ පිටපතක් කලින් නිකුත් වෙලත් තිබුනා අන්තර්ජාලයෙන් මුදල් ගෙවා නරඹන්න. The Best of Me, X-Men: Days of Future Past, Superman Returns, The Notebook ඇතුලු ජනප්‍රියම චිත්‍රපටි රැසක ඔයාලා දැකගත්ත James Marsden මෙහි ප්‍රධාන චරිතයක් රඟදැක්වීමත් විශේෂත්වයක් වෙනවා.

ක්‍රියාදාම, සත්තු ඉන්න චිත්‍රපටි බලන්න කැමති අයට සුපිරිම චිත්‍රපටියක් ගෙනාවා මම ඕන්න. මිනීමරු වලස්සු ඉන්න කැලේකට මිනිස්සු කට්ටියක් ගියොත් කොහොමට තියේවිද කියලා හිතිලා තියෙනවද? අන්න ඒ අත්දැකීම බලාගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්. සහෝදරයන් දෙදෙනෙක් කැලේට යනවා අවුරුදු ගානකට පස්සෙ. මල්ලි, කෙනෙක්ව මරලා අවුරුදු 7ක් හිරේ ඉඳලා එලියට ආවෙ. අයියා පොලිසි නිළධාරියෙක්. අයියාගෙ බිරිඳ කැලේට ආදරේ කෙනෙක්. සත්තුන්ට එහෙම ගොඩක් ආදරෙයි. නමුත් ඇය කැලේට යන අතරේ තමයි ගස් කපමින් ඉන්න මිනිස්සු පිරිසකට වලහෙක් පහර දෙන්නෙ. දෙදෙනෙක් මරලා දානවා. ඒ අතරේ හොරාට පිරිසක් වලස්සු මරනවා කැලේදි. කැලේ වලස්සුන්ට කන්න කෑමත් නැතිවෙනවා. ඒවා නිසාම වලස්සුන් ගොඩක් දරුණු වෙලා ඉන්නෙ. උන් අන්තිමේදි මිනිස්සුන්ව මරන්න පටන් ගන්නවා.ඉතින් අයියගෙ බිරිඳව හොයාගන්න වෙනවා ඉක්මනට. ඔවුන් කීපදෙනෙක් කැලේට යනවා. ඒවගේම වලස්සු දඩයම් කරන කෙනෙකුත් ඔවුන්ට එකතු වෙනවා. නමුත් කැලේදි සිද්දවෙන්නෙ ඔවුන් කවදාවත් නොහිතපු දේවල්. සමහර තැන් නම් ඇත්තටම බය හිතෙනවා බලද්දි. අනිවාර්යෙන්ම ඔයාලත් ආසා හිතේවි චිත්‍රපටියට. එහෙනම් අනිවාර්යෙන්ම බලන්න මේකත්. තවත් චිත්‍රපටියකින් ආයෙ හමුවෙනකල් ඔයාලට ජය!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.