ක්‍රියාදාම තෙලුඟු චිත්‍රපට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් Jil (2015) සිංහල උපසිරැසි සමගින්



කොහොමද යාලුවනේ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ අපේ යාලුවන්ට නියම තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා. දන්නවානේ තෙලිගු එකක් ගේනවා කියන්නේ ගොඩක් වෙලාවට අලුතින් ටයිම් ලයින් හදන්න ඕනේ කියලා. ඉතින් මේකෙත් අලුතින් ටයිම් ලයින් හදලා, සබත් කරලා ඔයාලට අරගෙන ආවා. මෙය 2015 වර්ශයේ තිරගත උන චිත්‍රපටියක්. මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා තමයි පහුගිය ටිකේ සබ් එකක් දෙන්න බැරි උනේ. කොහොම හරි වැඩ මැද්දේ මේකත් කරගත්තා. එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කතා කරමුකෝ.

2015 මාර්තු 27 ප්‍රථම තිරගත වීම ආරම්භ කරන මෙම චිත්‍රපටියේ රංගනයෙන් දායක වන්නේ තෙලිගු චිත්‍රපට කලාවේ දැවැන්තයෙක් වන Gopichand විසින්. නිලිය විදිහට ඉන්නේ මෑතකදි ශේත්‍රයට පැමිණි Rashi Khanna විසින්. ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය, කතාව, තිර රචනය, මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ Radha Krishna kumar විසින්. දැනට මෙම චිත්‍රපටිය බොක්ස් ඔෆිස් ආදයම ඉන්දියානු රුපියල් කෝටි 12.56ක්. තවමත් තිරගත වන මෙම චිත්‍රපටය මීට වඩා අදායමක්ද ලබා ගනු ඇත. ඒ වගේම IMDB අගයද 6.1 වැනි ලොකු අගයක තියෙනවා. ඔන්න එහෙනම් චිත්‍රපටියේ කතාව ගැන කියන්නම්කෝ.

චිත්‍රපටය ආරම්භයේම මොම්බායි වල දරුනු අපරාධකාරයෙක් වන චෝටා නායක් කියන පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් පැන යනවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. මෙහෙම පැනලා යන නායක්. එයා පොලීසියට අල්ලලා දීපු රංගනාත් කියන කෙනාව හොයන්න පටන් ගන්නවා. දවසක් ප්‍රධාන නලුවා වන ජයි යාලුවොත් එක්ක කඩේක ඉන්නකොට මෙයාව දකිනවා. එවෙලෙම එතනට එන නායක්ගේ මිනිස්සු අතේ රංගනාත්ගෙ පින්තූරයක් තියෙනවා දැකලා එයා රංගනාත් මෙතන සිට ගිය බය පවසනවා. ඔවුන් රංගනාත් පසු පස එලවන් යනවා. ඒත් ජයි මෙතන ප්‍රශ්නයක් වෙන්න යන බය දැන ගෙන ඔවුන් පිටුපසින් යනවා. එහෙම ගිය ජයි රංගනාත්ව බේර ගන්නවා. ඒ නිසාවෙන් නායක්ගේ මිනිස්සු ජයි රංගනාත්ට උදව් කර කෙනෙක් කියලයි හිතන්නේ. ජයි කියන්නේ ගිණිනිවීම් භටයෙක් දවසක් බිල්ඩින් එකක් ගිනි ගන්න වෙලාවක මෙයා ඒකේ ඇතුලේ හිර වෙච්ච කෙනෙක්ව බේර ගන්නවා. ඒ බේර ගන්නනෙත් රංගනාත්ව. එවෙලේ රංගනාත් මොහුට යමක් පවසනවා. එයා මාධ්‍ය හරහා. නායක් දකිනවා. ඔන්න ඔතන ඉදලා ජයිගෙ ජීවිතේ ගොඩක් හැල හැප්පීම් වලට ලක් වෙනවා. ගොඩක් දේවල් ජයිට අහිමි වෙනවා. ඒ ඇයි කියලා ඔයාල අරගෙනම බලන්න. කතාව සේරම කියන්න වෙනවා ඒවත් කියන්න ගියොත්.

එහෙනම් අදට මම නවතිනවා. ඔයාල හැමෝටම සුබම සුබ දවසක්. පුළුවන් වෙච්ච ගමන් තව එකක් අරගෙන එන්නම්. එහෙනම් මම ගියා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.