Never Let Me Go (2010) සිංහල උපසිරැසි සමගින්



මගේ නම කැති. පොඩි කාලේ ඉදන්ම මම ටොමිට ආදරය කලා. එත් මම ටික දවසක් යන කොට දැනගත්තා මගේ හොදම යාළුවා රූත් ටොමීට කැමැත්තෙන් ඉන්නවා කියලා.මම ඒ දෙන්නාට ඉඩ දිලා පැත්තකට උනා. කාලයක් ගත උනා... මට අවුරුදු 28ක් වෙද්දි ආපහු ටොමීවමට හම්බවෙනවා. රූත් හා ටොමී වෙන් වෙලා.ඉතින් මං ටොමීට ලං වෙන්න උත්සහා කලා....එත් එතකොටයි මට මතක් උනේ අපේ ජිවිත අයිති අපිට නෙමෙයි කියන විත්තිය. මම දන්නවා ටොමිටයි මටයි කවදාවත් එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. මොකද කාගේ හරි ජිවිතයක් වෙනුවෙන් අපේ ජිවිතේ අපි කැප කරන්න දැනටම ලැස්ති වෙලා ඉන්න නිසා. මම වෙලාවකට හිතෙනවා අපේ ජිවිත අරන් ජිවත් කරවන මිනිස්සුන්ගේ ජිවිතේ අපේ ජිවිතයටත් වඩා වටිනවාද කියලා.

Kazuo Ishiguro විසින් 2005 රචිත නවකතාවක් තමයි 2010 වසරේදි මේ විදියට චිත්‍ර‍පටියට නිර්මාණය වෙන්නේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Carey Mulligan,Andrew Garfield,Keira Knightley රංඟයෙන් දායක වෙනවා.වෙනස් තේමාවක් යටතේ රචනා උන නවකතාවක් විදියට මේ කතාව හදුන්වන්න පුලුවන්. ඔයාලාට උඩ කතාව කියවද්දිම ඒක දැනෙන්න ඇති නේ. කැති,රුත් හා ටොමී සමාන්‍ය අය වගේ නෙමෙයි ඒ අය මේ ලෝකයේ ජිවත් වෙන්නේ එක්තරා හේතුවක් වෙනුවෙන්. මං ඒක පැහැදිලි කරනවාට වඩා ඔයාලම ඒක අරන් බලන එක හොදයි. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.