Alice Through the Looking Glass (2016) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න ඉතින් "ගෙට් අ ජොබ්" වලින් පස්සෙ තවත් එකක් ගෙනාවා. මෙක මම කරන්න හිටපු එකක් නම් නෙමෙ. එත් අපේ මේ දර්ශන අයියා කිව්වම නොකර ඉන්නේ කොහොමද. මෙකෙ Web පිටපත නිකුත් වෙලානම් අදට දවස් පහක් විතර වෙනව. මෙක කරන්න ගත්තේ පෙරෙදා හවස හතරට විතර. හරියටම දවසක් විතර ගියා වැඩෙ ඉවරක් කරන්න. ආ තව දෙයියක් මොකද මේකෙ රගපාන්නේ මගේ ආසම නලුවා තමා "ජැක්ස් පැරල්" (ජොනි ඩැප්)නම කියන්න දෙයක් නෑනේ ඉතින් හැමොම දන්නවා මේකා ගැන. මෙක " Lewis Carroll" කියන කෙනාගෙ පොතක් ඇසුරින් නිර්මානය උනු කතාවක්. මෙකේ පලවෙනි කොටස නිකුත් උනේ 2010 වසරෙදි තමා, මෙය බොක්ස් ඔපිස් වර්ථා බිදදමින් 27 මැයි 2016 වෙනිදා ඉදලා තිරගත වෙන්න පටන්ගත්තා.මෙය තිරගත් වු දින පටන් අද වෙනකන් ඩොලර් $170,000,000 මුදලක් උපයන්න හැකිවෙලා තිනවා.මෙක අධ්‍යක්ශන්‍ය කරලා තින්නේ James Bobin.මුල් කෘතියට හානියක් නොවන පරිදි මෙකේ තිර පිටපත් නිර්මානය කරලා තින්නේ Linda Woolverton.මෙකෙ රංගනයෙන් දායක වෙන්නෙ Johnny Dep (හැටර්), Wasikowska(ඇලිස් ), Helena Bonham Carter(ඉර්සබෙත් ), Anne Hathaway(මිරානා) කියන නලුනිලියන්. මෙකට IMBD 6.4ක අගයක් ලැබිලා තිනවා. ධාවන කාලය මිනිත්තු 113 වෙන මේ චිත්‍රපටය Adventure,Family,Fantasy, කියන එවට අයත් වෙනවා. කතාව පැත්තට දැන් එමුකෝ.


මෙකේ ඇලිස් කියලා දගකාර කෙල්ලෙක් ඉන්නවා.මෙයා කරන්නේ මෙයාගේ තාත්තාගෙ නැවෙන් ලොකෙ වටේ අවිදින එක තමයි. කොහොම හරි මෙයාගෙ මුහුදු ගමන ඉවරයක් කරලා එනකොට මෙයාගෙ අම්මා හොද විකාරයක් නටලා තියනවා. එකට කලකිරුනු ඇලිස් එයාග පරන යාලුවො ඉන්න තැනට යනවා. හැබැයි මෙයාට මිනිස් නොවෙන යාලුවෝ තමයි එහේ වැඩිය ඉන්නෙ. එයා එහෙට යන්නෙ එයාගෙ හොදම යාලුවො හම්මබ වෙන්න. එත් එයාට දැන ගන්න ලැබෙනවා මොකක්හරි දෙකින් එයා කල කිරිමෙන් ඉන්නේ කියලා.ඉතින් මෙයා ඒ ගැන හොයලා බලනකොට මෙයාට දැන ගන්න ලැබෙනවා යටපත් වෙලා තිබුනු එයාගෙ දෙමාපියන්ගේ කුරිරු ඝාතනය යලිත් යම් දෙයකින් එය සිහිපත් වෙලා කියලා.
හැටර් එක නිසා දැඩි අසනිප තත්වෙන් තමා ඉන්නේ. එත් එයාව සුවකරන්න තින්නේ එක ක්‍රමයයි. හැටර්ගේ මියගිය දෙමාපියො නැවත ගෙනත් දුන්නොත් විතරයි ඒක වෙන්නෙ. ඉතින් ඇලිස් එය කරන්න කාලය හරහා අතිතයට යන්න තිරනය කරනවා හැටර්ගේ දෙමාපියො බේරගන්න. ඔන්න ඔතන ඉදලා තමා කතාව පටන්ගන්නේ. විස්තරේ ඔච්චරයි ෙ ඇලිස්ට හා හැටර්ට මොනවද වෙන්නේ කියලා ඔයාටම බලන්න වෙනවා. ආ හැටර් කියන එකේ තෙරුම තමා තොප්පි හදන්නා කියන එක හරිද. දැන් වෙලාව මධ්‍යම රාත්‍රි 2.55. නිදිමතේ ලියපු ලිපියක් නිසා අඩුපාඩු වලට සමාවෙන්න ඔනා. ලගදිම තවත් සලරුවකින් හමුවෙන තුරු හැමොටම ජයවෙවා!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.