The Shallows (2016) Sinhala Subtitles


ඔන්න හැමොටම ආයුබොවන් කිව්වා. ඔන්න අද මගේ පලවෙනි සබ් එක විදිහට දෙන්නේ මේ අවුරුද්දේ 2016 ජුනි 24 නිකුත් උනු The Shallows කියන සුපිරිම ෆිලුමක් තමා. මුලින්ම අපේ දර්ශන අයියට ස්තුතියි කරන්න ඔනේ මට මෙක දුන්නට. මෙකේ ට්‍රේලර් එක බලපු අයට නම් මෙක ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑ. මෙක අධ්‍යක්ෂනය කරලා තින්නේ Jaume Collet Serra කියන කෙනා තමයි ඉතින්. මෙයාගේ උත්සහය සාර්තක වෙලා කියලා දැන ගන්න පුලුවන් ඔයාලට ෆිල්ම් එක බෑලුවම. මිනිත්තු 86 පුරාවට දිවෙන මේ චිත්‍රපටය Drama,Horror,Thriller ගනයට අයත් වෙන එකක්. මෙක තිරගත උන දිනයේ ඉදලා අද වෙනකන් අමරිකානු ඩොලර් $54,787,550 උපයන්න හෑකිවෙලා තිනවා. මේකේ රංගනයෙන් දායකවෙනේ Blake Lively, Oscar Jaenada, Brett Cullen කියන අය තමා ඉතින්. අනිත් අයව වැඩිය දැකලා පුරුදු නැති උනාට Blake Lively දැකලා හුරු නැති වෙන්න බෑ. කතාව පැත්තට හැරෙමු එහෙනම්. කතාවෙ වෙන්නේ මේකයි.

කතාවෙ නැන්සි කියලා වෛද්‍ය ශිෂ්‍යාවක් ඉන්නවා. එයා තමා මෙකේ ප්‍රදාන චරිතය වෙන්නේ. මෙයාගෙ අම්මා පිලිකාවක් වැලදිලා මිය යනවා. මෙයාගෙ අම්මා මෙයාව හම්බෙන්න ඉන්න කොට වෙරලකට ගිහින් තිනවා. එයත් කොහොම හරි ඒ වෙරලට යනවා. මෙයා රල පදින්න ගොඩක් කැමති නිසා මුහුදට බැහැලා රල පදිනකොට මෝර ප්‍රහාරෙකට ලක් වෙනවා ඉතින් ඇය එකෙන් බේරිලා වෙරලට එහායින් තින ගලක් උඩට නගිනවා. මෙයාට ගොඩක් බරපතල විදිහට තුවාල වෙලා ලේ වහනය වෙනවා. මොරෝ වැඩියෙන්ම ඇදෙන්නේ ලේ සුවදට හා ලේ වලට කියලා දන්නවා නේ. ඉතින් ඇයගෙන් ලේ යන නිසා මේ මෝරාත් මේ ගල ගාවින් හෙල වෙන්නේ නැහැ. ඉතින් ඇය තමන්ගේ ජිවිතේ කොහොම ගලවා ගනිදි කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. කලින් කිව්වා විදිහට ගොඩක් ත්‍රාසය පිරුණු කතාවක් තමා මේක. එහෙනම් තවත් මේ වගේ ලස්සන ෆිලුමකින් හමුවෙන කම් හෑමොටම ජය වේවා! යන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්ඩෝ. 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

No comments

Powered by Blogger.