Kahaani (2012) සිංහල උපසිරැසි සමගින්



කාලෙකට පස්සේ චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගැන්වූවා. මම zoom.lk වෙතින් උපසිරැසි ඉදිරිපත් කරන පළමු අවස්ථාව.ඉතින් මේ චිත්‍රපටය බලපු වෙලේම හිතුනා සිංහල උපසිරැසි එක්ක බැලුවනම් හොඳයි කියල. මොකද ටිකක් විතර සංකීර්ණ කථාවක් තියෙන්නෙ.උපසිරැසි දාන්න හොඳම කථාවක් මෙම සිනමා නිර්මාණයේ ගැබ්ව තිබුණු නිසා උපසිරැසි ගැන්වූවා. චිත්‍රපටය ගැන කීවොත් මේක ඉතා ඉහල මට්ටමේ නිර්මාණයක්. සැම දෙනාම නැරඹිය යුතුයි. විද්‍යා බාලන් මෙම චිත්‍රපටයේ සාර්ථක රංගනයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ කථාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. තම සැමියා අතුරුදන්වූ ගැබිණි කාන්තාවක් ඔහු සොයා යන මෙහෙයුමක් වටා මෙම කථාව ගලා යනවා. නමුත් ඇය සොයන්නේ ඔහුමද....? වැඩි කථා ඕන නෑ.. චිත්‍රපටය අනිවාර්යෙන් නරඹන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ DiN3sH විසිනි

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

No comments

Powered by Blogger.