Black Hawk Down [2001] සිංහල උපශ්‍රීර්ෂ සමඟ


පලවෙනි උපසිරැසි ගැන්විම ලෙසම හොද චිත්‍රපටියක් තොරාගැනිමට මම අදහස් කලා එය ඔස්කාර් සම්මාන 2ක් වගේම තවත් සම්මාන 6ක් දිනාගත් තවත් සම්මාන 27කටම නිර්දේෂ වුන වගේම IMDB හි 7.7ක ඉහක අගයක් ලබාගත් චිත්‍රපටියක්.මේ චිත්‍රපටියට පාධක වෙන්නේ සත්‍ය කතාවක්.එනම් 1993 සොමාලියාවේ මොගැඩිශු මොහොමඩ් ෆරාහ් අඩීඩ් නම් බලවත් පාතාල නායකයා ට විරුද්ධව වැදුන සටනයි.කැරලිකාර හමුදාව සමග මේ ගෙවෙන සටන් පැය 20ක් පමණ දිගු සටනක් මේ සටන අවසානයේ සෙබළුන් 19 දෙනෙකු තම ජිවිතයෙන් සමුගන්නවා.හමුදා භටයෙක් කොයි වෙලාවෙත් මරණය සමග ගනුදෙනු කරන කෙනෙක් ඔහුගේ මරණය කොතන කොයි වෙලාවේ සිදුවෙයිද යන්න කිසිවෙකුටක් සිතන්නට බෑ.ඔවුන් තුල සංවේදි ගතිගුණ ගතිගුණ වගේම ඔවුන් ගෙවන යුධජිවිතය ගැනත් මේ චිත්‍රපටියේ මනාව පෙන්වනු ලබනවා.චිත්‍රපටිය ගැන තවත් විස්තරයක් කරන්න නම් යන්නේ නැහැ.ඔබ මේ චිත්‍රපටිය බලලා නැත්නම් අනිවාර්යෙන් නරඹන්න.මොකද ඔබ මෙය නැරඹිය යුතුම නිසා.මෙය මගහැර ගන්න එපා කියලා නැවතත් ඉල්ලනවා. චිත්‍රපටිය අවසානයේ ඔබට සිතන්නට දෙයක් වගේම ඇසට කදුලක් නංවනු නොවනුමානයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජනක නුවන් විසිනි

No comments

Powered by Blogger.