Contraband (2012) සිංහල උපසිරැසි සමගින්




නරක පුද්ගලයෙක්ට හොඳ පුද්ගලයෙක් වෙන්න කාලාන්තරයක් ගත වුවත් ,හොඳ පුද්ගලයෙකුට නරක පුද්ගලයෙක් වෙන්න ගතවන කාලය බොහොම අල්පයි. "ක්‍රිස්" කාලාන්තරයක් තිස්සේ කරනු ලැබූ ජාවාරම් වැඩ වලින් අයින් වෙලා දරුවන් දෙදෙනෙකුගෙන්යුත් පියෙක් සහ සහ තම බිරිඳට යහපත් ස්වාමිපුරුෂයෙක් වශෙයෙන් තමාගේම ව්‍යාපාරයක් තුල ජිවත් වෙනවා. නමුත් ක්‍රිස් ගේ බිරිඳගේ සහෝදරයා කරනා නීති විරෝදී මත්ද්‍රව්‍ය රැගෙන ඒමක් අතරමගදී ඔහු අතින් සිදුවන වැරදීමක් නිසා මේ මුළු පවුලම අයහපත් කාලයක් උදා වෙනවා. එම තත්වයමත ක්‍රිස් හට එම මත්ද්‍රව්‍ය සඳහා වැයවුණු මුදල සෙවීමට පරණ අයහපත් ජිවිතයටම යන්න වෙනවා. මෙහිදීමොවුන්ට ලෙහෙසියෙන් මෙම මුදල් සොයාගැනීමට පුළුවන් වෙන්නේ නෑ.
මෙහි ක්‍රිස් ගේ චරිතයට සුපිරි නළු Mark Wahlberg සහ ප්‍රධාන නිලියට Underworld චිත්‍රපටි මාලාවට, Van Helsing, සහ The Aviator චිත්‍රපට තුලින් අප හමුවට ආ සුපිරි නිලි Kate Beckinsale රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය මෙතරම් දුරට සාර්ථක වීමට මෙම සුපිරි දෙපල අනිවාර්යෙන්ම බලපාන්න ඇති. 
කාලෙකට පස්සේ තමයි මා විසින් ඇක්ෂන් ගනයේ චිත්‍රපටයකට උපසිරසි ගැන්වීම කරන ලද්දේ. චිත්‍රපටයේ උපසිරසි දීමට ටිකක් පරක්කු වුනේ , මේ දිනවල අධික කාර්යබහුල තත්වයකට මුහුණ දී සිටින නිසයි. ඒ අවස්ථාවේ අපි කවුරුත් හඳුනන මහේෂි විසින් ඉතිරි කොටස් වලට උපසිරසි කිරීම නිසා ඔබට මෙම උපසිරසි ලබාදීමට හැකිවුනා. ඇයට ස්තූති වන අතරම, මෙම චිත්‍රපටය "R" වර්ගීකරණය කරනු ලැබූ චිත්‍රපටයක් වුවත් චිත්‍රපටයේ උපසිරසි තුල කිසිම අසභ්‍ය වදනක් අඩංගු නැති බවත් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ඉදිරියේදී මම විසින් උබ අනුමාන කල ලෙසින්ම The Hunger Games චිත්‍රපටයේ උපසිරසි රැගෙන එනතුරු සමුගන්නම්.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

1 comment:

Powered by Blogger.