Journey To the Center of the Earth (2008) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



Ek main Ek thu ෆිල්ම් එකට සබ් එකේ පොඩ්ඩක් දැම්මට පස්සේ මට හිතුනා මමම තනියෙන් ෆිලම් එකකට උපසිරැසි දාන්න ඕන කියලා.එකට මම ටිකක් පරණ එකක් තෝරගත්තා.එකට හේතුවක් තිබුනා මොකද තාම උපසිරැසි ගැන්විමේ වේගය නම් මගේ හොද තත්වයක නෑ.අනික ඉස්කොලේ වැඩ පාඩම් වැඩත් අස්සේ චිත්‍රපටියක් උපසිරැසි ගන්වන්නත් කාලයක් යනවනේ ඉතින් කල් අරන් කරන්න පුලුවන් ෆිල්ම් එකක් තොරගත්තා.මේකේ ගොඩක් කල් ඩිවිඩි රිප් තමයි තිබුනේ.ලගදි තමයි BR හොද පිටපතක් නිකුත් උනේ.මේකේ දෙවැනි ෆිල්ම් එක නම් දිලා තිබුනා මම දැක්කා.මේ කතාවෙයි ඒ කතාවෙයි ලොකු සම්බන්ධයක් නම් නෑ.ෂොන් කියනෙ කෙනාගෙන් තමයි කතාව එකිනෙකට එකතු වෙන්නේ.දෙවැනි චිත්‍රපටය බලලා පලවෙනි එක නොබලපු අය ඉන්නවා නම් හරි මේක එකපාරක් බලලා ආපහු බලන්න ආසාවෙන් ඉන්න අය හිටියානම් මේකත් අරන් බලන්න ඔයාලට පුලුවන්.කිසිම කම්මැලි කමක් නැතුව පවුලේ හැමෝටම එකට එකතු වෙලා රසවිදින්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක.

චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කියන්නම් ට්‍රේලර් ගේ අයියා මැක්ස් අවුරුදු 10ක් තිස්සේ ආගිය අතක් නැති වෙනවා.එයාට මොනා උනාද කියලා කවුරුත් දන්නේ නෑ.ට්‍රේලර්ට එයාගේ අයියා ගේ පරණ දේවල් ටිකක් හම්බවෙනවා.ඒ අතර පොතක් තියනවා.ඒ ජුලියස් වර්නන් ලියපු ''Journey to the Center of the Earth'' කියලා පොතක්.ට්‍රේලර්ට එකේ තියන සටහන් වගයක් දැක්කම නිකමට වගේ හිතෙනවා එයාගේ අයියා මැක්ස් මේ පොතේ තිබුන දේවල් විශ්වාස කරලා මේවා හොයාගෙන ගියාද කියලා..පස්සේ මෙයත් පොතේ තිබ්බ සටහන් අනුව හොයාගෙන යනවා මේ කතාව ඇත්තක්ද බලන්න.මේ ගමනේදි ඔවුන්ට නොසිතු විරු අත්දැකිම් ගොඩකට මුහුණ දෙන්න වෙනවා.අවසානයේ ට්‍රේලර්ට එයාගේ අයියා මැක්ස් හමුවෙයිද? ට්‍රේලර් පොතේ තිබුන පෘතුවිය මැද තියන නගරය හොයා ගනිද? මේ සේරම දැන ගන්න මේ චිත්‍රපටිය ඔයාලට බලන්න වෙනවා.මේ චිත්‍රපටියේ අන්තිමට එයාලට තවත් පොතක් හම්බවෙනවා එක ''ඇට්ලැන්ස් හි අභිරහස් දූපත'' කියලා පොතක්.ඒ කතාව මොකක්ද කියලා කියන්න උවමනා වෙන්නේ නැනේ.එහෙනම් චිත්‍රපටිය අරගෙන රස විදින්න.ඒ වගේම පරණ ඔයාලා ආස කරන චිත්‍රපටි තියනවා නම් ඒ ගැනත් දන්වලා එවන්න.ටිකක් කල් ගියත් උපසිරැසි එකක් දාලා දෙන්න උත්සහා කරන්න පුලුවන්.එහෙනම් ගිහින් එන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේනාලි ගෝමස් විසිනි

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න

No comments

Powered by Blogger.