Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 2 කොටස



මුලින්ම කියන්න ඕනේ ගිය සතියේ අප ලබාදුන් මුල් කොටසට කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම සතියක් තුල මුල් කොටසේ උපසිරැසි බාගත කිරීම් ගණනින් අතිශය සතුටු විය හැකියි. ඒ වගේම කමෙන්ට් වල අදහස් දක්වල තිබුණු විදියට අපි තෝරාගෙන තියෙන කතා මාලාවට හුඟක් අය කැමති බව දක්වල තියෙනවා. ඒ නිසාම අපි මේ වැඩේ දිගටම කරගෙන යන්න හිතා ගත්තා. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායමේ සාමූහික අදහසක් ලෙස අපි " Sherlock Holmes" කතා මාලාවටත් උපසිරැසි යොදන්න තීරණය කරලා තියෙනවා. එයත් අප උපසිරැසි කණ්ඩායමේ සහුර්දයෙක් විසින් ඔබට ළඟදීම තිලින කරයි.

එහෙනම් අද කොටස ගැන කියනවනම්, සිම්බෑඩ් ඇතුළු කණ්ඩායම කෑම සහ නැවට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට ගොඩබිමකට පිටත්වීමට සුදානම් වෙනවා. නමුත් ඊට පෙර දින ඔවුන්ගේ නැවට අමුතුම ආකාරයේ මනුෂ්‍ය කොටසක් පැමිණ සිම්බෑඩ් ඇතුළු පිරිසව සිර භාරයට ගන්නවා. ඔවුන් එසේ මෙසේ මනුෂ්‍ය කොටසක් නෙමෙයි. මිනී මස් අනුභව කරන කොටසක්. මේ මනුෂ්‍ය කොට්ටාසය සිටින ගොඩබිමින් සිම්බෑඩ් ඇතුළු කණ්ඩායමට ගැලවී යන්න පුළුවන් වෙයිද ? මුල සිට අග දක්වා එකලෙස රසවින්දනය කළහැකි කොටසක් මේකත්. මේ කොටස තුලත් අමුතුම ආකාරයේ යෝධ පාක්ෂියෝ වගේ අමුතුම ආකාරයේ දර්ශන අඩංගු වෙනවා. එහෙනම් මුල් කොටසට වගේම මෙම කොටසටත් ඔබේ වටිනා අදහස් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ කොටසත් සමඟ 25වෙනි බදාදා හමුවෙමු. rokiya@zoom.lk. වෙලාව 3.00pm 17/07/2012.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

1 comment:

Powered by Blogger.