Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 5 කොටස


ඇත්තටම පසුගිය කොටස් වලට ලැබිල තියෙන ප්‍රතිචාර සහ බාගත කරලා තියෙන ගණන දැක්කහම අවංකවම හුඟක් සතුටුයි. ඉතින් මේ අරගෙන ආවේ සිම්බෑඩ් කතා මාලාවේ පස්වෙනි කොටසයි. ඔන්න දැන් ඉඳලා කතාව ටිකක් විතර වෙනස් වෙනවා. අද කතාවේදී සිම්බෑඩ් ව අල්ලා ගැනීමට අක්බාරි විසින් ඔහුගේ මායා කාරිය සහ ආරක්ෂකයින් එවනවා. මායා කාරිය විසින් අමුතුම ආකාරයේ යක්ෂයෙක්ව මවනවා සිම්බෑඩ් ව අල්ලාගැනීමට. නමුත් වැඩේ ලේසි පහසු වෙන්නේ නෑ. මම හිතන්නේ ඉදිරියේදී තවත් ලස්සන කාන්තා චරිතයක් මේ කතා මාලාවට එකතුවීමට නියමිතයි. අය ගැනත් පුංචි දර්ශනයක් අද කතාව අවසානයේ සිම්බෑඩ් ගේ අත අල්ලනවිට මායාකරියට පේනවා. ඒ දර්ශනයත් මතක ඇතුව බලන්න. මේ කතා මාලාවේ ජනප්‍රියත්වයත් සමඟම sky TV තුලින් මෙය නරඹන පිරිස සහ මේය බාගත කිරීම් ගණන සතියෙන් සතිය iTunes තුලත් දෙගුණ තුන්ගනයකින් ඉහල ගිහිල්ලා තියෙනවා. මමනම් හිතන්නේ පවුලේ සැමට එකට බලන්න පුළුවන බව සහ මෙහි visual effects වල තියෙන ලස්සන බව ඒකට හේතුවක් වෙන්න ඇති. එහෙනම් ලබන සතියේ 15 වෙනිදට හයවෙනි කොටසත් රැගෙන හමුවෙමු. rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.