The Cabin in the Woods (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



2012 වසරේ අප්‍රේල් මස 13 වැනිදා ලොවපුරා තිරගත්වුනු අන්තර්ජාලයේ චිත්‍රපට දත්ත ගබඩාව වන IMDb හි 42,817 ට වැඩි පිරිසකේ ජන්ද සංක්‍යාවක් ලබා 7.7 ක අගයක් ලබාගෙන සිටින චිත්‍රපටයක් තමයි අද ඔබට සිංහල උපසිරසි සමඟ නැවත හොඳ පිටපතක් ආ විගස රැගෙන ආවේ. විශේෂත්වය වෙන්නේ අපි මේ දෙන්න යන්නේ බොහෝවිට මේ වසරේ තිරගතවුණු හොඳම Horror ගණයට අයත් චිත්‍රපටය වෙන්න පුළුවන්. එය තීරණය කිරීම ඔබට බාරයි. හොඳයි මෙහි කතාව ටිකක් සංකිරණයි වගේ හිතුනත් බලාගෙන යනකොට එතරම් සංකීරණ තාවයකුත් නෑ. මෙහෙමයි, පස් දෙනෙකුගෙන් යුතු පාසල් යන යාලුවෝ කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ගේ සති අන්තය ගතකිරීමට ඔවුන් තොර ගන්නේ මිනිසුන් රහිත පාලු පළාතක තියෙන ගෙයක්. කොතරම් පාලු පලතක්ද කියනවනම් අඩුම තරමේ දුරකථන සංඥා වත් මේ පළාතේ නෑ. මේ ගෙය එසේ මෙසේ ගෙයක් නෙමෙයි. මෙය යම්කිසි පිරිසක් විසින් පාලනය කරන ගෙයක්. මේ පිරිස ගැන මම වැඩිදුර කියන්න යන්නේ නෑ. මොකද කතාවේ රසය අඩුවෙයි කියලා. විශේෂයෙන් මෙහි රංගනය තුලින් Thor ගේ චරිතයට පන දුන් Chris Hemsworth කියන සුපිරි නළුවා දායක වෙනවා වගේම දක්ෂ නළු නිලි පිරිසක් සහබාගි වෙනවා. ඒ වගේම මෙහි නිශ්පාදකයා වෙන්නේ Drew Goddard කියන පුද්ගලයයි. ඔහු විසින් තමයි ලොව තුලම ජනප්‍රිය වුනු Lost (2004–2010) සහ Alias (2001) කියන කතා මාලා නිපැවුනේ. 
ඒ වගේම මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත්වුනු විගස ඔබට සිංහල උපසිරසි සමඟ ලබාදෙන්න ලැබුණු එක ගැනත් හුඟක් සතුටුයි. එහෙනම් තවත් ජනප්‍රිය චිත්‍රපටයක් සමඟම ළඟදීම හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

1 comment:

  1. niyamai mamath balagena unne me film eka balanda thancks

    ReplyDelete

Powered by Blogger.