Teri Meri Kahaani [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න ඉතිං යාළුවනේ මම අද මසගේ 16 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ.මේක මම කරන්න බාර අරගෙන සතියක් විතර වෙනවා. මේක මෑතකදි නිකුත් වෙච්ච ලස්සන ආදර කතාවක් තියෙන හින්දි චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තාමත් ඉන්දියාවේ අති සාර්ථකව තිරගත වෙනවා. ෆිල්ම් එකේ හැම සින්දුවකටම උපසිරැසි යොදලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ දර්ශනයි, මහේෂියි තරම් හොඳට මට කර ගන්න බැරිවෙන්න ඇති කියලා හිතනවා. ෆිල්ම් එකේ නම Teri Meri Kahani (ඔබගෙයි මගෙයි වෘතාන්තය). මේක IMdb Rating 5.3/10 ක අගයක් අරගෙන තියෙනවා. ෆිල්ම් එකේ ෂාහිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා අති විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මේ ෆිල්ම් එකේ කතාව ලස්සන සංවේදී ආදර කාවක් විදිහට තමයි ගලාගෙන යන්නෙ. ඉතිං ඒක නිසා කතාව ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ. ආ තව දෙයක් මේ කතාවේ යම් ආකාරයක හාස්‍ය රසයකුත් ගැබ්වෙලා තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fanaa චිතුපටිය අධ්‍යක්ෂණය කරපු Kunal Kohli විසිනුයි. චිත්‍රපටියේ උපසිරැසි ගැන්වීම බලලා පුළුවන්නම් අදහසක් දාන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. "සැමටම සිංහල උපසිරැසි වලින් සපිරි කාලයකට සුභ පතමි"

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

No comments

Powered by Blogger.