Abraham Lincoln Vampire Hunter [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



"නිහඬව සිට මෝඩයෙකු ලෙස හැඟවෙන්නට සැලැස්වීම වඩාත් යහපත්ය, කතා කිරීමෙන් සියලු සැක දුරු කිරීමට වඩා." ඒ මේ චිත්‍රපටයට මුලික වෙන මහා චරිතය ලොව හමුවේ තැබූ සුප්‍රසිද්ද කියමනක්.නිකම්ම චිත්‍රපටයේ නළු නිළියන්ගේ නම් කියලා උපසිරැසිය ලබාදෙනවාට වඩා, මේ චිත්‍රපටයට මුලික වන චරිතය ගැන හැඳින්වීමක් කරන්නහිතුවා. 

"ඇමෙරිකාවේ මූලික කොලනි දහතුනෙන් පිට කෙන්ටකී ප්‍රාන්තයේ නුගත් ගොවි දෙමව්පියන්ට දාව 1809 දී උපන් ඒබ්‍රහම් ලින්කන් පසු කලෙක ඇමෙරිකාවේ 16 වන ජනාධිපති ලෙසට පත්වෙයි. කුඩාකල ඉතා දැඩි ආර්ථීක දුෂ්කරතා සහ තවත් අනේකවිධ බාධාද මැද හැදී වැඩෙන ඒබ්‍රහම් ලින්කන් ස්ථීර අධපනයක් ලබන්නේ මාස 18 ක පමණ කාලයකි. නමුත් ඔහු ස්වෝත්සාහයෙන් තනිවම සිය ඉගෙනීමේ කටයුතු නොකඩවා කරගෙන ගියේය. ඔහුගේ පියා තෝමස් ලින්කන් නම් වූ අතර, ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු සහ ගොවියෙතු විය. මව නැන්සි හැන්ක්ස් නම් වූවාය. ඒබ‍්‍රහම්ට සාරා නමින් වැඩිමහල් සොයුරියක් ද, තෝමස් නමින් බාල සොයුරෙක් ද වූහ. සොයුරා ළදරු වියේදීම මිය ගියේය. ගොවියෙකු වූ පියා සමග ඉතා කුඩා වියේ සිටම ඒබ‍්‍රහම් ගොවිපළට ගියේය. තිරිඟු වගාව සහ වට්ටක්කා වැවීම සඳහා ඔහු පියාට උදව් කළ අතර විශාල ගංවතුරක් නිසා එය විනාශ විය.කුඩා ඒබ‍්‍රහම් ඇතුළු ලින්කන් පවුල වාසය කළ නිවස සාදා තිබුණේ ලී කොට වලිනි. කුඩා ලී නිවස තුළ ඒබ‍්‍රහම් හා සාරා ප‍්‍රීතියෙන් විසූහ. නිවස අසල තිබූ ගස් වැල්, කඳු, හෙල්, නිම්න, ඇළ දොළ ආදී ස්වභාවික දසුන් වලින් ඔවුන්ගේ සිත්වලට සතුටක් ගෙන ආවේය. කී‍්‍රඩා කිරීමට අපූරු ස්ථාන ද, සුවඳ බැලීමට සුවඳැති මල් වර්ග ද, බීමට සහ නෑමට පිරිසිදු සීතල ජලය ද, කෑමට පලතුරු ද ඔවුන්ට සුලබ විය. ඔවුන් ගේ මව අකුරු ලිවීමට නොදැන සිටි නමුත් අකුරු කියවීමට දැනගෙන සිටියාය. පියාට හැකි වූයේ නම ලිවීමට පමණි. විවේක සහිත සැන්දෑවල දී මව කුඩා ඒබ‍්‍රහම්ට සහ සාරාට බයිබලයේ කතා සහ වෙනත් කතා කියා දුන්නාය. ඒවාට ඉතා ආසාවෙන් සවන් දුන් ඒබ‍්‍රහම් ඒ පිළිබඳ වැඩිදුර විස්තර මවගෙන් ඇසුවේය.වයස අවුරුදු හතේ දී ඒබ‍්‍රහම්ට පාසල් යාමට ලැබුණි. නමුත් ඔහුට දිගටම පාසල් අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ නැත. ඒබ‍්‍රහම්ට අවුරුදු 7 දී ලින්කන් පවුල කෙන්ටකි අතහැර ඉන්දියානා ප‍්‍රදේශයේ පදිංචියට ගියහ. එහිදී ඔහුගේ මව රෝගාතුර වී මිය ගියාය. මරණයට හේතුව අදටත් ස්ථිරව නොදනන නමුත් විශ්වාස කරන්නේ ඔවුන් සතු එළදෙනක විෂ සහිත තණකොළ වර්ගයක් කා ලබා දුන් එළකිරි බී මව රෝගාතුර වී මිය ගියාය කියාය. විවාහයෙන් පසුව ඔහුට දරුවන් හතරදෙනෙකු සිටියේය. තුන්වන දරුවා වන විලී ලින්කන් වයස අවුරුදු පහලවේ දී මරණයට පත්විය, මරණයට නිශ්චිත හේතුවක් අදටත් සොයාගෙන නැති නමුත්, එය ජලය විෂ වීමක් ලෙස විශ්වාස කරයි. 

වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක්‌ එක්‌ කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය. ලෝක ඉතිහාසය පුරාම මිනිස්‌ අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක්‌ ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ. තෝමස්‌ ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක්‌ විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක්‌ සෙව්වේය. රටක නිදහස්‌ මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස්‌ මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි. 1861 මාර්තු 04 වන දින ඒබ්‍රහම් ලින්කන් අන් අයට සවන් දුන් මිනිසෙකි. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස්‌ මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි. 1861 මාර්තු 04 වන දින ඒබ්‍රහම් ලින්කන් අන් අයට සවන් දුන් මිනිසෙකි. මේ තියෙන්නේ ඔහුගේ නිරහංකාරකම විදහා දක්‌වන්න එයට රසබර සිදුවීමක ලිපියක්.

දිනෙක ඒබ්‍රහම් ලින්කන් සිය බිරිඳ සහ පවුලේ හිතවතෙක් සමග කතා කරමින් සිටියේය.එහිදි සිය හිතවතා ජනාධිපතිතුමාගේ මුහුනේ අමුත්තක් තිබෙනු දැක ඒ පිලිබඳ විමසීය.ඉන්පසු ඒබ්‍රහම් ලින්කන් සහ හිතවතා අතර ඇතිවූ සංවාදයයි මේ. ඒබ්‍රහම් ලින්කන් මෙසේ පැවසීය. "දවස් 10කට කලින් මම කාර්යාලීය වැඩ නිම කලේ හුඟක් රෑ බෝ වෙලා.මම නිදි මරාගෙන ඉතාම වැදගත් ලියවිල්ලක් එනකම් ඇහැරගෙන හිටියා.ඒක ආවට පස්සේ මම හුඟක් පරක්කු වෙලා රාත්‍රී නින්දට ගියා.මම හුඟක් තෙහෙට්‍ටුවෙන් සිටි නිසා ඉක්මනින්ම නින්දට වැ‍ටුනා.හදිසියේම මට මලානික නිශ්චල බවක් දැනෙන්නට පටන් ගත්තා. ඒත් එක්කම මට පිරිසක් දුකින් ඉකි ගසමින් හඬමින් සහ වැලපෙමින් සිටින ශබ්දයක් ඇසෙන්නට පටන් ගත්තා.මම ඇ‍ඳෙන් බැස හනිකට තරප්පු පෙල දිගේ පහල මාලයට ආවා. නමුත් කිසිවෙක් පේන්නට සිටියේ නෑ.නමුත් මේ වැලපෙන හඬ දිගටම මට ඇසෙන්නට විය.පහල මාලයේ සියලුම කාමර ආලෝකමත් වී තිබුනා.මම හැම කාමරයකටම ගියා.එත් කිසිවෙක් මට දකින්නට හමු වුනේ නෑ.අවසානයේ නැගෙනහිර කාමරයට මම ඇතුල් වුනා.එහිදි මට මාගේ බිරිඳ සහ පවුලේ අය ඇතුලුව විශාල පිරිසක් හඬමින් සිටිනු දක්නට ලැබුනා. මේ කාමරය මැද විවෘත කරන ලද මිනී පෙට්ටියක් මට දක්නට ලැබුනා.මේ මිනිපෙට්ටිය වටා සොල්දාදුවන් 4 දෙනෙක් සිටියා.එහි අවමංගල වස්ත්‍රවලින් සැරසූ මිනියක් තිබුනා.ඒත් මේ මල සිරුරේ මුහුන සුදු රෙද්දකින් වසා තිබුන නිසා ඒ කවුදැයි මට හඳුනාගත නොහැකි වුනා. එහි සිටි ආරක්ෂකයෙක්ගෙන් මම මෙසේ ඇහුවා."මොකද මේ අවමංගල්‍යයක් ?" කවුද වයිට් හවුස් එකේ මිය ගිහින් ඉන්නේ.? සොල්දාදුවාගේ පිලිතුර වූයේ " අපේ ජනාධිපතිතුමා මිය ගිහින්" එතුමාව ඝාතකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කරලා" එතකොටම ‍රැස්ව සිටි පිරිස මහ හඬින් බෙරිහන් දෙමින් හඬන්නට විය. ඒ ශබ්දයට මම අවදි වුනා.දැකලා තියෙන්නේ හීනයක් බව පසක් වුනා.එලි වෙනකම් මට ආපසු නින්ද ගියේම නෑ.ඊට පස්සේ මට පුදුම අමුත්තක් තේරෙනවා. මේ සිහිනය දැක දවස් 3කට පස්සේ ඒබ්‍රහම් ලින්කන්ව සාහාසිකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි.ඔහුගේ මුහුනට හානි වී තිබුන නිසා මුහුන සුදු රෙද්දකින්ද වසා තිබුනි. 1865 දී ඔහුගේ ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ මුල්ම ජනාධිපති ඝාතනය විය. එමෙන්ම ජාතිය නැවත එක් කිරීමේ මාතෘ වීරවරයන් ලෙස ද ඒබ්‍රහම් ලින්කන්ව සලකන ලදී. 

මේ චිත්‍රපටයට හුඟක් සත්‍ය කරුණු පාදක වුනත් අදටත් අබිරහසක් වන ඒබ්‍රහම් ලින්කන්ගේ මවගේ මරණය සහ ඔහුගේ පුතාගේ මරණයට වැම්පයර් වරුන් ආඳා තිබෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ වන මේරි තෝඩ් ලින්කන් මේ ලින්කන් නමැති කොලු ගැටයා සාර්ථක මිනිසේක් වීම දක්වාම ඔහු පසුපසින් හිටියද කියා මේ චිත්‍රපටයෙන් ඔබට දකින්න පුළුවන්. ඉතිහාස කතාවක් වුනත් සටන් ජවනිකා වලින් අඩුවක් නොමැති මේ චිත්‍රපටය ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක්. 

ඒ වගේම හුඟක් කාර්යබහුල අවස්ථාවකයි මේ චිත්‍රපටයේ උපසිරසි ගැන්වීම් සහ මේ ලිපිය සකස් කෙරුවේ. මෙම චිත්‍රපටය මම බාරගෙන තිබුන නිසාම රැකියාවෙන් පසු ගෙදර ඇවිල්ලා පැය කිහිපයක් ඇතුලත තමයි මේ උපසිරසි ගන්වා ඔබට මේ ලබාදෙන්නේ. ඒ හින්දා උත්සාහයට සැලකීමක් වශයෙන් ඔබේ අදහසක් අකුරු කරන මෙන් ඉල්ලා සිටිනවා. 

ඔහුගේම වාක්‍ය කන්ඩයකින් ලිපිය නිමා කරන්නම් එහෙනම් "චරිතය ගසක් වන්නේනම් කීර්තිය එහි ඡායාව වෙයි. අපි ඡායාව ගැන සිතමු. නමුත් සැබෑ දෙය වන්නේ ගසයි." ඒ වගේම " බල්ලෙකුගේ වලිගයට කකුලක් යැයි කීවොත් ඌට කකුල් කීයක් තිබෙයිද? පහක්. නැත. වලිගයට ''කකුල'' කීමෙන් එය කිසිදිනෙක කකුලක් නොවෙනු ඇත."

ලිපියට කරුණු - විකිපීඩියාව, අනුෂ්කගේ ලිපියක් සහ දිවයින පුවත්පතෙන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි. 

1 comment:

  1. නිපුන් සසංකOctober 12, 2012 at 9:53 AM

    මම මේක ඊයෙ බැලුවා. නියමයි.උදාර අයියගෙ වැඩක් ආයෙ කතා දෙකක් නෑ. කවදත් සුපිරි.

    ReplyDelete

Powered by Blogger.