Arrow (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 1 කොටස


මම මගේ පසුගිය චිත්‍රපටි වල ලිපි වලින් කියල තියෙනවනේ මම කොමික්ස් චරිත වලට කොපමණ ප්‍රිය කරන කෙනෙක්ද කියලා. ඔන්න ඒ නිසාම තවත් කොමික්ස් චරිතයක් පාදක කරගනිමින් නිපඳවුනු ඊයේ රෑ ඇමරිකාව ඇතුළු ලෝකය පුරා රටවල් විශාල ගණනක විකාශනය කෙරුණු Arrow නම්වූ ටෙලි කතා මාලාවේ මුල් කොටස රැගෙන ආවා. මෙය විකාශනය වී එක දවසක් ඇතුලත IMDb දර්ශකයේ 9.1 ක් වැඩි ඉතා ඉහල ප්‍රේක්ෂක මනාපයක් දිනාගෙන තියෙනවා. ඒ නිසාමයි නිරතුරුව ඔබට හොඳම දේ ලබාදෙන අපි මේ රූපවාහිනී කතා මාලාවත් සිංහල උපසිරසි සහිතව අප කණ්ඩායමේ සාමාජිකයින් ඔබට ලබාදෙන්න තීරණය කෙරුවේ.


මෙයට මුලික වෙන මුල් කොමික්ස් චරිතය වෙන්නේ 1941 දී DC කොමික්ස් යටතේ වන කොමික්ස් පොතකට චිත්‍රකරනු ලැබූ "Green Arrow" කියන චරිතයයි. අවුරුදු 71කට පසුව එය CW රුපවාහිනී නාලිකාව විසින් ටෙලි නාට්‍යක් ලෙස එළිදැක්වීමට කටයුතු යොදා තියෙනවා. කතාවට මුලික වෙන Oliver Queen කියන පුද්ගලයා නගරයේ ඉතා පොහොසත් සහ සෙල්ලක්කාර පුද්ගලයෙක්. නමුත් ඔහු පියා සමග බෝට්ටු සවාරියක් යන අතරතුර බෝට්ටුව අනතුරකට භාජනය වෙනවා. එහිදී සියලු දෙනාම මියයනවා. නමුත් ඔලිවර් පමණයි ජීවිතය බේරා ගන්නේ. ඔහු පාලු දුපතක අවුරුදු පහක් සිරවී සිටිනවා. පසුව චීන ජාතික මසුන් අල්ලන්නන් කණ්ඩායමක් විසින් ඔහුව බේරා ගන්නවා. අවුරුදු පහකට පසුව ඔහු නිවසට පැමිණෙන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයේ පුද්ගලයෙක් අයුරින්. ඔහු දූපත තුල සිටි අවුරුදු පහ තුලදී ජීවිත් වීම සඳහා නොයෙකුත් අරගල වලට මුහුණදී එය ජිවිත ආදර්ශයක් කරගත් මිනිසෙකු ලෙසටයි නිවසට පැමිණෙන්නේ. බෝට්ටුවේ අනතුර සිදුවෙන අතරතුර ඔලිවර් ගේ පියා විසින් ඔහුට යම් කිසි දෙයක් කියනවා. එය ඔලිවර් ගේ ජිවිතයට නව බලාපොරොත්තුවක් ලබාදෙනවා. පියාගේ නැතිවීමත් සමඟ ඔහු වෙසෙන නගරය ජරා ජීරණය වෙනවා. ඔලිව පැමිණ නැවත ඒ නගරය යහපත් කිරීමට දරන වැයමක් තමයි මේ කතාවට ඇතුලත් වෙන්නේ. ඔබ "රොබින් හුඩ්" වලට ප්‍රිය කෙනෙක්නම්, මෙම කතා මාලාව අනිවාර්යෙන් ඔබේ හිතට කාවදින කතාවක් වෙයි. 



එහෙනම් ඊළඟ සතියේ මෙම කතාවේ දෙවෙනි කොටස රැගෙන එන තුරු සමුගන්නම්. rokiya@zoom.lk


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

1 comment:

  1. Hey thanks.:)mama meka down karanna link ekak hoya hoya hitiye.cw channel eke heta idan yana beauty and the beast and vampire diaries tv series 2th danawada?

    ReplyDelete

Powered by Blogger.