මෝහිත් සූරිගේ නවතම සිනමා සිතුවම Hamari Adhuri Kahaani (2015) සිංහල උපසිරැසි සමගින්



''සැබැ ආදරවන්තයින් කවදාවත් එකතු නොවෙයි එකතු වන සියළුදෙනාත් සැබැ ආදරවන්තයින් නොවේ'' මේ වගේ කියමනක් මම අහලා තියනවා වගේම නිතරම වගේම ෆේස්බුක් එකේ ඉද්දි පවා එකිනෙකා ෂෙයා කරනවා දැකලා තියනවා. ඕක දැක්කාම මට හිතුනේ බුට් කෑවාම ඒක අමතක කරන්න හදන අය හිත හදාගන්න ලියපු එකක් කියලා.කොහොම වෙතත් ඔය කියමන මේ චිත්‍රපටියට මනාව ගැලපෙනවා කියලා ඔබට බැලුවොත් තේරේවි.වසූදා කියන්නේ අවුරුදු 5ක දරුවෙක් ඉන්න කාන්තවක්. ඇය වැඩ කරන හෝටලේ අයිතිකාරයා තමයි ආරව් රූපරල් කියන්නේ. මොවුන් දෙදෙනා එකිනෙකට පෙමින් වෙලෙන්න ගන්නවා. දැන් ඔයාලටම පේනවා ඇති මේ වගේ කතාවක් කොහොමද මේ තරම් අමරණිය කතාවක් වෙන්නේ කියලා. ඒ ගැන මං කිව්වොත් තමයි අසාධාරණයක් කරන්නේ. මොකද මේ චිත්‍රපටියෙත් අතීත කතාවක් මත තමයි දිගහැරෙන්නේ. ඉතින් ඒ වගේ කතාවක් පැහැදිලි කරලා කියන්න ගියොත් කතා රසය නැතිවෙන්න පුලුවන්...

ප්‍රධාන චරිත ලෙස Emraan Hashmi,Vidya Balan,Rajkummar Rao රංඟනයෙන් දායක වෙනවා. Zeher,Awarapan,Murder 2 ඒ විතරක් නෙමෙයි අපි හැමෝම දන්න Aashiqui 2,Ek Villain චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Mohit Suri ගේ10 වැනි චිත්‍රපටිය ලෙස තමයි මෙය නිර්මාණය වෙන්නේ. එහෙනම් චිත්‍රපටිය රසවිදින්න කියලා ඉල්ලමක් කරන ගමන් තවත් හොද චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.