Pitch Perfect (2012) සිංහල උපසිරැසි සමගින්




කොහොමද හැමෝටම.අපිව දැන් අමතක වෙලාත් ඇති කට්ටියට. මේ චිත්‍රපටිය මම දෙවැනි චිත්‍රපටිය එනවා තිබ්බ කාලේම කරන්නම් කියලා හිතාගත්තාත් කරගන්න බැරි උනා එක එක වැඩ නිසා. ආපහු මේ ලඟදි මට ඇඩ්මින් විසින් මේකේ දෙවැනි එක අපි කරන්න යන්නේ පලවෙනි චිත්‍රපටිය දෙමුකෝ කියලා කියපු නිසාම මං හිතුවා බාරගත්ත වැඩේ කොහොමට හරි කරලා ඉවර කරනවා කියලා. කාලේකට පස්සේ උපසිරැසි දැම්ම නිසා අකුරු අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.

Anna Kendrick,Rebel Wilson,Anna Camp,Brittany Snow,Skylar Astin,Adam DeVine,Ben Platt,Hana Mae Lee,John Michael Higgins වැනි විශාල පිරිසකගේ රංඟනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය තාමත් බලලා නැත්නම් අනිවාර්යෙන්ම බලන්න කියලා ආරධනා කරනවා. කතාව මෙහෙමයි..බේකා කියන්නේ ඩිජේ කරන කෙනක්. නමුත් තාත්තා එහෙම බේකාගේ මේ වැඩේට ආස නැහැ. ඒ නිසා ඇයව විශ්ව විද්‍යාලයට යවනවා. බේකාට තාත්තා නිතරම කියනවා ඩිජේ කරනවා කියන්නේ විනෝදාංෂයක් හොදට ඉගෙන ගෙන වෙනත් දේකට අවධානය යොමු කරන්න කියලා. නමුත් බේකාට ඕන සංගිතය පැත්තෙන් මොනාම හරි කරන්න. කොහොම හරි බේකා යන මේ විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව ගායනා තරඟයක් තියනවා. මේකෙන් දිනින අයව යවනවා ජාත්‍යන්තර තරඟාවලියකට. අහම්බෙන් මෙන් බේකාටත් මේ කණ්ඩායමට එකතු වෙන්න ලැබෙනවා. මේ කාන්තා කණ්ඩායමේ නම තමයි ''බේල්ලා සොහොයුරියන්'' මේ කණ්ඩායමේ නායිකාව තමයි අර්බී. මේකෙනාට ඕන විදියට තමයි හැමදේම කරන්නේ. කවුරුත් කියන දෙයක් අහන්නේ නෑ. පරණ සිංදු තොරගෙන පරණ විදියට ඇදගෙන හැමදාම ටිම් එක මෙයාගේ හිතුමනාපයටම සකස් කරන නිසා පරදිනවා. බේලා ඇවිත් පොඩි වෙනසක් කරන්න යනවා නමුත් ඇයටත් වෙන්නේ අර්බීගෙන් හොද දෙකක් අහගන්න. මේ අයගේ ප්‍රතිවිරුධ කණ්ඩායම කොල්ලෝ ටිකක්. ඒ අයගේ නමම ට්‍රබල්මේකර්ස්. මේ කොල්ලෝ ටිකත් මේ කෙල්ලෝ ටිකට පාඩුවේ ඉන්න දෙන්නේම නෑ. මොනා හරි කියලා අවුලක් කරනවා. ඉතින් මේ අයගේ කතාව තමයි මේ චිත්‍රපටියේ ගෙතෙන්නේ. මම නම් කියන්නේ අනිවාර්යෙන් අරගෙන බලන්න කියලා. දැනගත්ත විදියට මගේ ප්‍රමාදය තමයි තිබ්බේ චිත්‍රපටියේ දෙවැනි කොටස දෙන්න. එකත් දැනටම උපසිරැසි කරලා තියන බවක් තමයි ඇඩ්මින් කිව්වේ. එහෙනම් දෙවැනි එක බලන්න කලින් අනිවාර්යෙන් මේ චිත්‍රපටිය අරගෙන බලන්න. එහෙනම් ඕන්න මගේ ඉල්ලිම ඉටු කලා. හැමෝටම සුභ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.