ලෝකප්‍රකට Mission Impossible චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Mission Impossible 5 Rogue Nation (2015) සිංහල උපසිරැසි සමගින්



ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු උපසිරැසියක් තමයි අද ලබාදෙන්න සූදානම් වෙන්නේ, ඒ තමයි ලෝකප්‍රකට මිශන් ඉම්පොසිබල් චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටය වන Mission: Impossible – Rogue Nation චිත්‍රපටය දිහාට හැරෙනවානම් මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ Jack Reacher, Edge Of Tommorow වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Christopher McQuarrie විසින්, ඒවගේම සුපුරුදු විදියට මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Tom Cruis ඊට අමතරව simon pegg, rebecca ferguson, rebecca ferguson වගේ නළු නිළි රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි රංගනයට වගේම නිශ්පාදනයටත් ටොක් කෲස් දායක වෙලා තියෙනවා ඒවගේම Tom Cruise සහ Ving Rames පළවෙනි චිත්‍රපටයේ ඉදන් මේ වෙනකම් නොකඩවා මේ චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ, ඒවගේම මෙහි සියළු වැඩකටයුතු නිම වෙලා තියෙන්නේ චිත්‍රපටය තිරගත කරන්න සති දෙකකට කලින්, මිනිත්තු 131ක් පුරාවට ක්‍රියාදාම, ත්‍රාසය, භීතිය, කුතුහලය,ඔස්සේ තවමත් තිරගත වන මෙය මේ වනවිට බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාවේ පෙරළියක් ඇති කරමින් ඇමරිකානු ඩොලර් මිළියන 439කට ආසන්න ආදයමක් උපයාගන්න සමත්වෙලා තියෙනවා,

කතාව ගැන කියනවනම් ඔයාලට මතක ඇති MI4 Ghost Protocol චිත්‍රපටය අවසානයේ ඊතන් හන්ට් සින්ඩිකේට් කියලා සංවිධානයක් ගැන හෙළි කරනවා, රුසියාවෙදි සිද්ද වුන අවසන් මෙහෙයුමේ පොඩි පොඩි අඩුපාඩු නිසා IMF එක විසුරුවාහරින්න තීරණය කරනවා, එහි මූලිකත්වය ගන්නේ අධ්‍යක්ශක හන්ලි විසින්, මේ විදියට IMF එක විසුරුවාහරිනකොට ඊතන් ඉන්නේ ලන්ඩන් වල, එතනදි කෙනෙක් ඇවිත් ඊතන්ගේ ලේඛම්වරියව ඝාතනය කරනවා, එතනදි ඊතන් කොටු වෙනවා, ඊතන් මේ කොටු වෙලා ඉන්නේ සින්ඩිකේට් එකට කියලා ඔහුට දැනගන්න ලැබෙනවා, එතනදි තමයි ඇත්තටම සින්ඩිකේට් එකක් තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ, ඇත්තටම මේ සින්ඩිකේට් එක කියන්නේ පාතාල කල්ලියක්, මේක එසේ මෙසේ පාතාල කල්ලියක් නෙමෙයි, සින්ඩිකේට් බාරයෙන් ඊතන්ට පැනගන්න කෙනෙක් උදවු කරනවා, ඊටපස්සෙ ඊතන් බ්‍රෑන්ට් ද දන්වනවා, එයාව ලන්ඩන් වලින් මුදවාගන්න කියලා, ඒත් ඒ වෙනකොට IMF එක විසුරුවාහැරලා ඉවරයි, කුතුහලය නැති වෙන නිසා මීට වඩා මම කතාව විස්තර කරන්නේ නෑ, ඉතින් මොකද්ද මේ සින්ඩිකේට් එක, කවුද ඒක මෙහෙයවන්නේ, මොන වගේ හැකියාවක්ද ඒකට තියෙන්නේ, ඊතන්ට උදවු කරන්නේ කවුද, මේ වතාවෙ ඔහුට ලැබෙන කල නොහැකි මෙහෙයුම මොකද්ද, IMF එකේ සහය නැතුව කොහොමද ඊතන් මේ දේවල් කරන්නේ කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා, ඒවගේම මතක් කරන්න ඕනේ, අපි මේ දීලා තියෙන්නේ HDTS පිටපතක්, එහි Screenshot කීයපක් මෙතනින් බලාගන්න පුලුවන් 1 2 3. කොලිටියේනම් කිසිම ප්‍රශ්ණයක් නෑ, හදිසිකාරයන්ට තමයි මේක දුන්නේ, අනිත් අය හොද පිටපතක් එනකම් ඉවසගෙන ඉන්න, හොද පිටපතක් ආව හැටියෙම උපසිරැසි යාවත්කාලීන කරලා දෙන්න,, එහෙනම් තවත් විස්තර කරන්නේ නැතුව මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් ඔබට ජය!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.