The Expendables 2 [2012] සිංහල උපසිරැසි සමගින්



CIA එකේ චර්ච් (මතකනෙ එක්ස්පෙන්ඩබල්ස් පළවෙනි කතාවෙත් හිටියෙ-මතක නැද්ද? Expendables 1 බැලුවෙ නැත්තම් මෙතනින් ගන්න.) දවසක් යනවා බාර්නි රොස්ව මුණගැහෙන්න. මෙතනින් තමයි කතාව පටන්ගන්නෙ. මිනිහට ඕන කරන්නෙ මේ පාර බාර්නිගෙ උදව් ඇතුව කලින් සෝවියට් දේශය තිබුණු හරියෙදි අනතුරට පත්වුන ප්ලේන් එකක තිබුණ යමක් අරගන්න.ඒත් චර්ච් ඒක හරියටම මොකක්ද කියල බාර්නිට කියන්නෙ නෑ.ඒ මදිවට චර්ච් බාර්නිට දීපු වැඩේ එයා හරියට කරනවද බලන්න මැගී කියල ගෑණු කෙනෙකුත් බාර්නිලත් එක්ක යවනවා.බාර්නිගෙ කට්ටියට එකපාරට පොඩි අමුත්තක් දැනෙනවා ගෑණු කෙනෙකුත් තමන්ගෙ කණ්ඩායමත් එක්ක එන නිසා.කොහොමහරි චර්ච් කියපු තැනට ගිහින් මේ කට්ටිය ගන්න කියපු දේ ගන්නවා.මං මුළු කතාවම කියන්න යන්නෙ නෑ, නෑ,මේකෙ මං කිව්වට වඩා දේවල් ගොඩක් වෙනවා. දන්නවනේ එක්ස්පෙන්ඩර්බල් කණ්ඩායම වැඩක් බාරගත්තොත් ලේසියෙන් අතාරින්නෙ නෑ කියල. ඇත්තටම මේ ෆිල්ම් එකේ රංගන දායකත්වය දක්වන්නෙ හොලිවුඩ් සිනමාවේ හිටපු වගේම තාමත් ඉන්න සුපිරිම තරු රැසක්.මේක දෙනකල් හුඟක් අය බලාගෙන හිටපු බව දන්නවා. නමුත් මෙතරම් පරක්කු වෙන්න හේතු වුනේ හොඳ පිටපතක් නිකුත් වීමට ප්‍රමාද විමයි. ඇත්තටම ඒ ගැන කණගාටු වෙනවා. අපි ගැන විශ්වාසයක් තියලා, ඉවසීමෙන් බලාගෙන හිටපු හැමෝටම හුඟක් ස්තූතියි. තවත් මේ වගේ සුපිරිම කතාවක් එක්ක මුණගැහෙමු


පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ධනුෂ්ක ලක්මාල් (Tharaka) විසිනි



No comments

Powered by Blogger.