The Hangover [2009] සිංහල උපසිරැසි සමගින්


කොහොමද ඉතින් කට්ටියටම. ටික දවසක් ගියා අලුත් උපසිරැසියක් හදල දෙන්න. වැඩ අතරේ මේකටත් කාලය කොහොම හරි යොදවලා අද ඉවරකරලම දාන්න ඕනි කියලා හිතාගෙන ඔන්න කරල දැම්මා. චිත්‍රපටියේ නම The Hangover. 2009ඳී එලියට ආපු මේ චිත්‍රපටිය IMDB අගයන් වලින් 7.8ක් අරගෙන IMDB වර්ග කිරීම් අනුව හොඳම චිත්‍රපටි 500 අතරට ඇවිල්ල තියෙනවා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා ගැන කිව්වොත් නමනම් Todd Phillips(ටොඩ් පිලිප්ස්). මොහු ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍රපටි රාෂියකටම අධ්‍යක්ෂණයෙන්, නිශ්පාදනයෙන් සහභාගි වෙලා තියෙනවා. මම දුන්න Project X චිත්‍රපටියේ නිශ්පාදකයා තමයි මෙයා. ඉතින් මේකේ කතාව පොඩ්ඩක් කියන්නම්.

Doug කියන්නේ Tracyව කසාද බඳින්න ඉන්න කෙනා. කොහොම හරි Dougගේ යාළුවන් වෙන Phil, Stu සහ Tracy‍ගේ සහෝදරයා වන Alan කියන අයත් එක්ක මංගල්‍යට දවස් දෙකක් තියෙද්දී චාරිකාවක් යනවා. කොහොම හරි Tracyගේ තාත්තගේ කාර් එකත් අරගෙන මෙයාලා ගමන පිටත් වෙනවා. Las Vegas වලට චාරිකාව සඳහා යන මේ අය එදා රෑ හෝටලේක නවාතැන් අරගෙන පොඩ්ඩක් කට්ටියම සතුටු සාමිච්චියේ යෙදෙනවා. කොහොම හරි ඉතින් මෙයාලා කරපු කියපු කිසි දෙයක් අනිත් දවසේ උදේ වෙද්දී කාටවත් මතක නෑ. එයාලගේ කාමරේ ඇතුලේ කොටියෙක්. එයාලගේ කාමරේ විනාශ වෙලා. ඒ අතර Doug නෑ. ඒ අතර කාමරේ පොඩි අත දරුවෙක්. මේ සේරම උනේ කොහොමද කියලා මෙයාලට මතක නෑ. ඉතිං මෙයාලා මේ ප්‍රශ්ණ විසඳන්නේ කොහොමද? Dougව හොයාගන්නේ කොහොමද , මොකද උනේ කියලා දැනගන්නනම් චිත්‍රපටිය බලන්නම ඕනි. ඇත්තම කිව්වොත් අපේ වචනෙන් පට්ට කොමඩියක් මේකනම්. 

එහෙනම් ඔය කිව්ව ඇති. චිත්‍රපටිය සමහරුනම් බලලත් ඇති. හරි එහෙනම් මේකේ දෙවෙනි කොටස ඒ කියන්නේ The Hangover II එකේ සිංහල උපසිරැසිත් අරගෙන ලඟදිම එන්නම්. තව දෙයක්. මේ චිත්‍රපටියේ තුන්වෙනි කොටස ඒ කියන්නේ The Hangover III මේ වන විට රූගත කරමින් පවතිනවා. හිතාගන්න පුලුවන්නේ කොටස් තුනකට මේක ගේනවා කියන්නේ චිත්‍රපටියේ තියෙන ආතල් එක ගැන. ඒ වගේම උපසිරැසි ගන්වීම කරද්දී ඔය සමහරක් වචන වෙනුවට වෙන අර්ථයක් තියෙන වචන යොදන්න උනා. ඒකට හේතුව චිත්‍රපටිය බලද්දී ඔයාලටම බලාගන්න පුලුවන් වෙයි ඔන්න මම ගියා.. කට්ටියටම ජයවේවා!!!



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


1 comment:

  1. wat a nice film! i watched a HO II!! bt this is not a comedy movie!! this is a serious story! :)

    ReplyDelete

Powered by Blogger.