The Mist [2007] සිංහල උපසිරැසි සමග



ඔයාලට මතක ඇතිනේ මම කලින් දීපු චිත්‍රපටිය Cloverfield [2008] අදදෙන චිත්‍රපටියත් ඒ වගේ තමා . මේ චිත්‍රපටිය The Mist (2007) මේක IMDB වල යුසර්ලා 127000 කින් පමණ 7.2 ක ප්‍රමාණයකට ශ්‍රේණි ගතවෙලා තියනවා.ඉතින් චිත්‍රපටිය ගැන කියන්න ඕන නෑනේ.

මීදුම විටක ලස්සනයි විටක භයංකාරයි. මේ මීදුමත් ඒ වගේ භයංකාර එකක්. මේ මීදුම තුලට යන කිසිවෙකු ආපසු එන්නේ නෑ. ඒ තුලින් මතුවෙන්නේ භයංකාර ජීවිතේට දැකලා නැති සත්තු. නමුත් ඒ මිනිස්සුන්ගේ අවාසනාවට ඒ ගොල්ලෝ සේරම මාකට් එකක් ඇතුලට කොටු වෙනවා. ඒ මීදුමට හේතුව කුමක්ද? එය ඇති උනේ කොහොමද? ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? ඒ ගොල්ලෝ මේ ප්‍රශ්නවලට උත්තර හොයාගනීද? නැත්නම් ජීවිත වලින් වන්දි ගෙවන්න වෙයිද? ඒ ටික දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.මේ චිත්‍රපට අවසානය අනිත් චිත්‍රපටිවලට වඩා සැහෙන්න වෙනස් එක ඔයාලා නරඹලාම දැනගන්න කියලා ආරාධනා කරනවා.ඔයාලා Cloverfield [2008] චිත්‍රපටියට කැමති නම් අනිවාර්යයෙන් මේකටත් කැමති වෙයි. බලලම කියන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.