End Of Watch [2012] සිංහල උපසිරැසි සමගින්


අද ගෙනාපු චිත්‍රපටියනම් ටිකක් වෙනස් ආකාරයේ එකක්. පොලිස් නිළධාරීන් දෙන්නෙක් වටා තමයි සම්පූර්ණ කතා මාලාව ගෙතෙන්නේ. IMDB එකේ යූසර්ලා 13219ක් මඟින් රෑන්ක් එක 8ට ගෙන්නලා තියෙනවා. විනාඩි 109ක් වටා දිවෙන මුළු චිත්‍රපටියෙන්ම පොලිස් නිළධාරීන්ගේ ජීවිතය ගැන ගොඩක් දුරට කියවෙනවා. Jake Gyllenhaal තමයි ප්‍රධාන චරිත දෙකෙන් එකකට පණ පොවන්නේ. කතාව ටිකක් කියන්නම්.

පොලිස් කාරයන් දෙන්නෙක් ඉන්නවා. මොන කේස් එකකට ගියත් මිණීමැරුමක් කරලමයි එන්නේ. ගොඩක් වෙලාවට එයාලව විහිළුටත් අරගන්නවා අනිත් අය. මෙයාලව ගනං ගන්නෙ නෑ. මොකද මෙයාල කරන්නෙ මෝඩ වැඩ නිසා. ඒත් මෙයාලා කරන වැඩක් නිසා ඒ විදිහට අදහස් දරපු හැමෝම ඒ අදහස් අත්හැරියා. මොකද මෙයාල දෙන්නට සම්මාන ලබා දෙන නිසා එයාල කරපු වැඩේට. ඒත් එක්කම තවත් වැඩකට මෙයාල අතගහනවා. ඒ මත්ද්‍රව්‍ය වගයක් වටලනවා. ඊට පස්සේ මෙයාලව ඒ මත්ද්‍රව්‍ය අයිතිකරුවන්ගේ කණ්ඩායම පන්නනවා. අන්තිමේඳී අවාසනාවන්ත විදිහට දෙන්නටමනම් වෙඩි වැදෙනවා.ඒත් එයාලගෙන් එක්කෙනෙක් බේරෙනවා. අනිත් කෙනො මැරෙනවා. අන්තිමේඳී මුළු පොලිසියම, හැම පොලිස් කෙනෙක්ම එනවා මෙයාට අවසන් ගෞරවය දක්වන්න..

මමනං කියන්නේ වෙනස් චිතපට වලට කැමති අය බලන්නම අවශ්‍ය කරන චිත්‍රපටියක් මේක. එහෙනම් අලුත් චිත්‍රපටියක් එක්ක හම්බවෙමු.... ජයවේවා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


No comments

Powered by Blogger.