The Transporter [2002] සිංහල උපසිරැසි සමගින්


මෙන්න මගෙන් තවත් ලෝකප්‍රකට චිත්‍රපටියක උපසිරැසි ගැන්වීමක්, මේ චිත්‍රපටියේ කතාමාලා තුනක්ම ඇවිත් තියෙන නිසා මම චිත්‍රපටි තුනම ඔයාලට රසවිඳින්න දෙනවා. ඒ අතරින් මේ පළමුවැන්න. අපි හොඳින් හඳුනන දක්ෂ හොලිවුඩ් නළුවෙක් වන Jason Statham රඟන චිත්‍රපටිවලින් ප්‍රධානම චිත්‍රපටි මාලාවක් හැටියට හඳුන්වන්න පුළුවන් මේ Transporter චිත්‍රපටි මාලාව. IMDB Ratings 7.1ක් මේ චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. 

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ...
ෆ්‍රෑන්ක් කියන්නේ තනිකඩ දිවියක් ගෙවන පුද්ගලයෙක්. ඔහුගේ එකම රැකියාව තමයි තමන්ගේ කාර් එකෙන් එක් එක් පුද්ගලයින්ට අයත් භාණ්ඩ ප්‍රවාහනය කර දෙන එක. ඔහුගේ තියෙන ගරුගාම්භීරත්වයට ගොඩක්ම කැමති හොර වැඩ කරන පුද්ගලයින් තමයි. ඔවුන්ගේ භාණ්ඩ පොලීසියට අහු නොවී ප්‍රවාහනය කර දෙන්න මොහු ගොඩක් දක්ෂයි. මේ වගේ එක් හොර භාණ්ඩයක් ප්‍රවාහනයේදී මෙයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ හොර භාණ්ඩය හරිම සිත්ගන්නා සුළු ඒත් මහා භයානක භාණ්ඩයක්, ඒකෙන් මෙයා මහා අමාරුවක වැටෙනවා. මෙයාගේ කාර් එක, මෙයාගේ නිවස හැම දෙයක්ම මෙයාට නැතිවෙනවා. ඊට පස්සේ මෙයා මෙයාට නැතිවුණ දේවල් ආයෙත් ලබාගන්න ඒවා නැතිකරපු අයව හොයාගෙන යනවා. ඒවා ලබාගන්න ලේසි නොවුණත් මෙයාගේ දක්ෂකමින් මෙයා ඒ දේවල් ලබාගැනීමට උපරිම සටනක යෙදෙනවා. 

ගොඩක් ක්‍රියාදාම අඩංගුවෙන මේ චිත්‍රපටිය හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා... මේ චිත්‍රපටියේ ඊලඟ කොටසින් තව ටිකකින් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි



No comments

Powered by Blogger.