Top Cat (2012) (පිස්සු පුසා කාටුන් චිත්‍රපටිය) සිංහල උපසිරැසි සමගින්


කොහොමද යාළුවනේ... හිතනවා හැම කෙනෙක්ම හොඳන් ඇති කියලා. මම දුන්නෙම චිත්‍රපටි ඇත්ත මිනිස්සු ඉන්න ඒවනේ. ඒත් පොඩි වෙනසකටත් එක්ක කාටුන් එකකට සිංහල උපසිරැසි යොදන්න හිතුනා. මොකද බොහෝ විට ගොඩක් අය කැමතියිනේ ඒකාකර චිත්‍රපටි වලින් මිදිලා ටිකක් විනෝදබර දෙයක් බලන්නත් . ලොකු පොඩි කවුරුවත් බලල තියෙනවනේ 'පිස්සු පූසා' කියන කාටුන් එක. ඉංග්‍රීසියෙන්නම් හඳුන්වන්නේ මේක 'Top Cat' කියලයි. ඉතිං මේ අද දෙන්න යන්නෙත් Top Cat කාටුන් එකේ 2011ඳී පිටවුන චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි. පැය එක හමාරක් පුරා දිවෙන කතාවනම් ඇත්තටම අපේ වචනෙන් කියනවනම් පට්ටම තමයි. මේ චිත්‍ර පටිය ගැන වැඩි විස්තර කියන්න ඕනි නෑනෙ කලින් පිස්සු පූසා බලල තියෙන නිසා ඕනි කෙනෙක්. මේ චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියල ඉන්නම්.

පිස්සු පූසා, එහෙමත් නැත්නම් පූස් ලොක්කා තමන්ගේ යාලුවෙක් එක්ක ආහාර ගනිමින් ඉද්දී දකිනවා පාරේ ට්‍රික්සි කියන ලස්සන ගැහැණු පූසා යනවා. ඉතිං මෙයාට වහ වැටෙන පූස් ලොක්කා මේ පූසි පස්සෙන් යන්න පටං ගන්නවා. ඒ අතර තුර නිව්යෝග් නගරයේ මේ පූස් ලොක්කයි එයාගෙ යාළුවොයි ඉන්න ප්‍රදේශයේ වයලීන් වාදන ප්‍රසංගයක් තියෙනවා. ඉතින් මේකට විශේෂ ආරාධිත අමුත්තා විදිහට එන්නේ පොකාජු කියන රටේ මහරාජායි. ඉතිං කොහොම හරි මේ මහරාජා නැති බැරි, දුප්පත් අයට තමන් සතුව ඇති ධනයට වඩා බෙදා දුන්නේ වටිනා කියන තද රතු මැණික් ගල්. එතුමාව බේරගන්න, එතුමාට විශ්වාසවන්තව පොඩි වචනයක් හරි කිව්වත් එතුමා මැනික් ගලක් දෙනවා. ඉතිං කොහොම හරි මේ පිළිබදව පත්තරෙන් දැනගන්න අපේ පූස් ලොක්කා හොඳ සැලැස්මක් ගහනවා මේ මැණික් ගල් ටික එයාල අරගෙන එයාල ජීවත් වෙන මේ මුඩුක්කු ජීවිතයට සමුදෙන්න. නමුත් මහරාජාට ආරක්ෂකයා විදිහට ඉන්නේ සාජන්ට් නිසා පූස් ලොක්කට ඒ වැඩේ ටිකක් කරගන්න අමාරු වෙනවා. කොහොම හරි වෙස් වලාගෙන ගිහින් ඔට්ටුවක් දානවා වයලීන් වාදකයට හරියට මේ ප්‍රසංගය කරගන්න බැරි වෙනවා කියලා. ඔට්ටුවෙන් පූස් ලොක්කා දිනුවත් එයා බලාපොරොත්තු වෙච්ච මැණික් ගල්නම් ගන්න හම්බවෙන්නෙ නෑ. මොකද මහරාජා අතින් ගෙනාපු සේරම ඉවර වෙලා නිසා. කොහොම හරි ඉතිං සාජන්ට් එයාල ඉන්න පැත්තට එනවා දැකල පූස් ලොක්කා යන්න හදද්දී මහරාජා ගාව තියෙන අරුම පුදුම ජංගම දුරකථනයක් වෙන මහරාජා 5000 දුරකථනය මැණික් වෙනුවට ලබා දෙනවා. කොහොම හරි ඔය අතරේ අපේ සාජන්ට්ගේ ඔළුවේ තිබ්බේ නිව්යෝක් නගරයේ පොලිස්පති වෙන්නයි. ඉතිං දවසක් දැනට ඉන්න පොලිස්පති සාජන්ට්ට කතා කරනවා පොලිසියට. සාජන්ට් හිතන්නේ කතා කරේ ස්ථානිධිපති කම දෙන්න කියලයි. නමුත් වෙන්නේ වෙන දෙයක්. ලොසියේ ස්ථානාධිපති කම ලබා දෙන්නේ හිටපු ස්ථානාදිපති තුමාගේ බෑනටයි. තමන් ලස්සනයි කියල හිතාන ඉන්න ඉතාමත් උඩඟු පුද්ගලයෙක් තමයි එයා. ඉතිං කොහොම හරි මේ පුද්ගලයා ඉන්න සේරම පොලිස් නිළධාරින්ව අස් කරනවා. හැබැයි සාජන්ට්ව විතරක් තියාගන්නවා. ඒ තියාගන්නේ මේ පුද්ගලයා තනිකරම නිව්යෝක් පාලනය කරන්න හදන්නේ තාක්ෂණය හරහා. අන්න ඒක නිසා ඒවා පාලනය කරන්න, ඒ කියන්නේ යන්ත්‍ර හරියට ක්‍රියා කකරන්න සැලසුම් හදන්නයි සාජන්ට්ව අස් නොකර තියාගන්නේ. නමුත් අවසානය වෙන තෙක්ම සාජන්ට සිද්ධ වෙනවා සේවකයෙක් විදිහට, වේටර් වරයෙක් විදිහටත් වැඩ කරන්න. ඔය අතරේ පූස් ලොක්කා ඉන්න මුඩුක්කුවට මේ අලුත් පොලිස් කාරයා සීල් තියනවා. ඒ කියන්නේ වහනවා. ඉතිං මේ විදුලි වැට කඩාගෙන ඇතුලට යන්න පූස් ලොක්කා උපායක් යොදනවා. ඔය අතරේ අලුත් පොලිස් කාරයා හදන්නෙනම් කොහොම හරි සිවිල් ජනතාවගේ සල්ලි හූරං කන්නයි. ඉතිං පූස් ලොක්කා කරන දේවල් වලින් මෙයාට තේරුම් යනවා පූස් ලොක්කා හිටියොත් තමන්ට වැඩ වැරදෙනවා කියලා. ඉතිං නොකළ බොරු වැරදකට උඟුලක් අටවලා පොලිස් කාරයා පූස් ලොක්කව හිරේට දානවා. ඊට පස්සේ පොලිස් කාරයා වැඩ පටං ගන්නවා. ට්‍රික්ස් තමයි මේ අලුත් පොලිස් කාරයාගේ පුද්ගලික ලේකම්. ඉතිං මේ ට්‍රික්සි භාවිතා කරල තමයි පොලිස් කාරයා අපේ පූස් ලොක්කව උඟුලකට පටලවන්නේ. කොහොම හරි ට්‍රික්සි හිතාගෙන හිටියේ මේ කරන්න හදන්නේ නගරය හොඳ තැනකට අරගෙන ආරක්ෂා සහිත තැනක් කරන්න හදනවා කියලයි. නමුත් සිද්ධ වෙන්නේ වෙන දෙයක් කියල තේරුම් ගියාට පස්සේ පූස් ලොක්කව බේරගන්න සැලැසුමක් දියත් කරනවා. ඉතිං අවසානයේඳී මේ තාක්ෂණයත්, රොබෝ වරුනුත් එක්ක උරෙන් උර ගැටිලා, මේ අපේ පූස් ලොක්කව බේරගෙන, නගරයත් ආරක්ෂා කරන හැටි දැනගන්න ඕනිනම් චිත්‍රපටිය බලන්නම වෙනවා. 

තාක්ෂණය අතින් වැඩ කිඩ ගොඩක් මේකෙ යොදවලා තියෙනවා කියලත් කියන්න ඕනි. හරි එහෙනම් චිත්‍රපටිය උපසිරැසිත් එක්ක බලන්න කියල ආරාධනා කරනවා කට්ටියටම. එහෙනම් මම ගියා.. අලුත් උපසිරැසියක් එක්ක හම්බවෙමු... ජයවේවා!!!


මේ චිත්‍රපටියේ BRRIP එක සදහා සබ් දෙකක් නිකුත් වෙලා තියනවා.ඉතින් මම ඒ දෙකම සබ් දාලා දිලා තියනවා.කොපි එක අරගෙන සබ් එක මැච් නොවුනොත් දිලා තියන අනිත් සබ් එක අරගන්න.අනිවාර්යෙනම මැච් වේවි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


No comments

Powered by Blogger.