[REC] [2007] සිංහල උපසිරැසි සමඟ


ඔන්න ගොඩ කාලෙකට පස්සේ, මම මගේ දෙවැනි නිර්මාණයත් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. Chathur Singh 2 Star හින්දි චිත්‍රපටියට සුරංග වන්නිආරච්චි සහෝදරයත් එක්ක උපසිරැසි දැම්මට පස්සේ තනියම එකක් කරන්න ඕනා කියලා හිතුවා. මම මේ පාර තෝරගත්තේ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. එහෙනම් අපි මේ ෆිල්ම් එක මොකක් ගැනද කියලා කතා කරමු. IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 10න් 7.6ක්ම හිමිකර ගැනීමට මෙම චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටිය අනුසාරයෙන් පසු කාලයේ ඉංග්‍රිසි චිත්‍රපටියක්ද නිපැයුනු අතර එම චිත්‍රපටියට වඩා එහි මුල් නිර්මාණය වන මේ REC චිත්‍රපටිය ගුණාත්මකබාවකින් නිපදවා තියනවා.

පබ්ලෝ සහ ඇන්ජෙලා කියන්නේ රූපවාහිනි කණ්ඩායමක්. ඔවුන් ගිනි නිවන භටයන්ගේ ක්‍රියාවන් ගැන වැඩසටහනක් කරනවා. ගිනි නිවන භටයන් සමග ඔවුන් ඉතා අපූරු, අභිරහස් වලින් පිරුණු ගොඩනැගිල්ලකට යනවා. මේ ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ට හදුනා නොගත් රෝගයක් වැළදී තියෙනවා. පොලිසිය ඇතුළු ආරක්ෂක කණ්ඩායම් මෙම ගොඩනැගිල්ල මුද්‍රා තබනවා. ඔවුන්ට මෙම ගොඩනැගිල්ලෙන් එළියට යාමට හැකිවෙයිද? ඔවුන්ට සිරවී සිටින අහිංසක නිවැසියන් බේරා ගත හැකිද? මේ අද්භූත රෝගය කුමක්ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ චිත්‍රපටියේ තියෙන විශේෂත්වය වන්නේ, මෙය රූගත කර තිබෙන්නේ පබ්ලෝ නැමති කැමරාකරුගේ, කැමරා දෘෂ්ටි කෝණයෙන් වීමයි. මේ නිසා මෙම චිත්‍රපටිය සජීවී ආකාරයක් ගන්නවා.

මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය වන නිසා, ඔබලාගේ අදහස් වලට ගරුකරමි. එහෙනම් මේ අපූරු චිත්‍රපටිය නරඹලා, ඔබලාගේ වටිනා අදහස් දක්වලා යන්න. මේ අපූරු නිර්මාණය ඔබ වෙත තිළිණ කිරීමට අදහස ගෙන ආ HEDZටත් මගේ ස්තූතිය.

මේ චිත්‍රපටියේ 950කොපි එක ඉංග්‍රිසි භාෂාව හා ස්පැනිෂ් භාෂා දෙකෙන්ම ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් නැරඹිමට කැමති අය එම කොපිය ඩවුන්ලොඩ් කරගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංක පෙරේරා විසිනි


No comments

Powered by Blogger.