Snitch (2013) සිංහල උපසිරැසි සමඟින්










යාලුවනෙ මේක මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම.ඉතින් වැරදි එහෙම ඇති මුලින්ම ඒකට සමාව ඉල්ලනව.මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් මුල් කරගෙන හදපු කතාවක්.මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත් දන්න THE ROCK හෙවත් සුපිරි හොලිවුඩ් නළු Dwayne Johnson. මේ චිත්‍රපටිය තමයි දැනට ඔහුගෙ හොඳම එක මම හිතන විදියට.Boxoffice වාර්තා තියපු මේ චිත්‍රපටියට Barry Pepper(saving private ryan),Susan Sarando වගේ අපි දන්න කියන පිරිසක් තමයි රංගනයෙන් එකතු වෙලා තියෙන්නෙ.

මේකෙදි අපිට බල ගන්න පුලුවන් පිය සෙනෙහසක වටිනාකම.ජෝන් මැතිව්ස් කියන මේ පියා තමාගෙ පුතාව සිර ගෙදරින් බේර ගන්න කොතරම් මහන්සි වෙනවද කියන එක තමා මේ චිත්‍රපටියෙදි අපිට බල ගන්න පුලුවන් වෙන්නෙ.ජෝන් මැතිව්ස් කියන්නෙ ගොඩනැගිලි ඉදිකිරීම්කරුවෙක්. ඔහු දික්කසාද වෙලා නැවතත් විවාහ වෙල ඉන්නෙ,පොඩි දරුවෙකුත් ඉන්නව.ජේසොන් කියන්නෙ ඔහුගෙ කලින් විවාහයෙ දරුවා. ජේසන් හ ක්‍රේග් කියන්නෙ හොඳ යාලුවො දෙන්නෙක්.නමුත් මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමක් කරන්න හදනව.ජේසන්ගෙ මේකට වැඩි කැමත්තක් නැහැ.අවසානයෙදි ක්‍රේග් පොලීසියට කොටු වෙල ජේසන්වත් අල්ලනවා.නමුත් ජේසන් කියන්නෙ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් නෙවේ.ඉතින් ජෝන් තමගෙ පුතාව බේර ගන්න මත්ද්‍රව්‍ය ජාවාරමට එකතු වෙනව.මුලු කතාවම කිව්වම කිසි ගතියක් නෑ නෙ.කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් හොඳ කතාවක්.එහෙනම් තව හොඳ චිත්‍රපටියක් සමඟ ඉක්මණින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG(Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.