Atithi Tum Kab Jaoge (2010) සිංහල උපසි‍රැසි සමඟ


ඔන්න එහෙනම් දවස් 15කට විතර පස්සේ ඒ කිව්වේ Samrat & Co. (2014) තවත් චිත්‍රපටියකට උපසිරැසි අරන් ආවා ඔන්න. මේක 2010 වසරේ නිකුත් උන එකක් උනත් මම හිතන්නේ නැහැ ඔයාලා මේ චිත්‍රපටිය බලලා නම් ඇති කියලා.හැමදාම අලුත් හින්දිම දෙන එක හරි නැහැ නේ. කොහොමත් අපිට මිස් උන හොද හින්දි ෆිල්ම් තියන එවාගේ ටොරන්ට් හොයලා හොයලා තමයි මේ විදියට චිත්‍රපටි අරගෙන එන්නේ.Warner Bros. Pictures ආයතනයෙන් තමයි මේ චිත්‍රපටියේ නිශ්පාදන වැඩකටයුතු ටික කරලා තියෙන්නේ.කෝකටත් චිත්‍රපටය ගැන සැකයක් තියේ නම් උඩ තියන ට්‍රේලර් එක බලන්නකෝ මේ චිත්‍රපටියෙත් ලයින් 2000ක් විතර තිබ්බා. ඒ තරම් ලයින් ගානකුත් උනත් කරලා දෙන්න හිතුවේ මේ චිත්‍රපටිය බලන්න හොද එකක් කියලා හිතුන නිසයි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Ajay Devgn,Paresh Rawal,Konkona Sen Sharma රංගනයෙන් දායක වෙනවා. මේ හැමෝම ඉතින් ඔයාලා දැකලා පුරුදු අයනේ...ඒ නිසා චිත්‍රපටිය පැත්තට දැන් හැරෙන්නම්

ඔයාලාගේ ගෙදරටත් නැදැයෝ ඇවිත් ඇති...නැදැයෝ එන එක අපිට සතුටු හිතෙන කාරණයක් නේ. එත් ඒ නැදැයෝ ඇවිල්ලා ගෙදර පැලපදියම් උනොත් ඒ නැදැයම වදයක් වෙනවා නේ. හිතන්නකෝ අලුතින් කසාද බැදපු ජෝඩුවකගේ ගෙදරකට මෙහෙම නැන්දම්මා හරි මාමණ්ඩි හරි ඇවිල්ලා මාස ගනන් ඉන්න ගියොත් කොහොම වේවිද? කොහොමත් ගෙදරට කවුරු හරි ඉද්දි අපිට අපේ ප්‍රයිවට් කතාවත් වත් කතා කරන්නවත් බැරි වෙනවා නේ. මම හිතන්නේ මේ අත්දැකිම හැමකෙනෙක්ටම අඩු වැඩි වශයෙන් ඇති. මේ චිත්‍රපටියත් ඒ වගේම එකක් තමයි පුනිත් කියන්නේ චිත්‍රපටි පිටපත් රචකයෙක් එතකොට එයා බැදලා ඉන්න කෙනා තමයි මුන්මුන්. දෙන්නාම රැකියාවක් කරගෙන තමන්ගේ දරුවත් එක්ක සතුටින් ජිවත් වෙනවා. මේ අයගේ ගෙදරට කවදාවත්ම නැදැයෙක් ඇවිල්ලා නැහැ. මේ නිසා මේ තුන්දෙනාම ටිකක් හිතේ කනස්සල්ලෙන් තමයි ඉන්නේ.ඔහොම වෙලාවක තමන්ගේ ගමේ ඉදන් මාමා කෙනෙක් නිවසට එනවා අමුත්තෙක් වෙලා.අමුත්තා දැකපු ගමන්ම මේ අයට සතුටු හිතෙනවා. මොකද සැහෙන කාලේකට පස්සේනේ කෙනෙක් ගෙදරට ආවේ.නමුත් මේ අමුත්තා මහා ඇණයක් වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. දවස් එකින් එක ගෙවිලා යනවා සති ගෙවිලා යනවා එත් මේ ගමේ ඉදන් ආපු මාමාට ආපහු ගමේ යන්න කියලා ගානක්වත් නෑ. ඒ මදිවට නගරේ ඉන්න නැදැයොත් ගෙදරට කතා කරගෙන ඇවිල්ලා ගේම හැඩිකරනවා. මෙච්චර කාලයක් නැදැයෝ නැතුව සතුටුන් හිටිය පුනිත්ගෙයි මුන්මුන් ගෙයි පවුලට මේ මාමා කඩාපාත් උනාට පස්සේ මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ. උපසිරැසියක් දාමු දාමු කියලා කිව්වාත් අනේ බැ බැ කිය කිය ඉන්න කෙනෙක් ඉන්නවා..බලමු එයත් එක්ක එකතුවෙලාම අනික් උපසිරැසි ගැන්විම අරගෙන එන්න.එහෙනම් ඊලඟ චිත්‍රපටියෙන් හමුවෙමු ඉක්මනින්ම



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.