Kung Fu Jungle (2014) සිංහල උපසිරැසි සමඟ.




මේ දවස් ටිකේම උපසිරැසි ගොඩක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුනා, ඊයෙ අපි හොද හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක් දුන්නනේ, එහෙනම් අද ‍ඊට නොදෙවෙනි ක්‍රියාදාම චිත්‍රපටයක් දෙන්න තමයි අපි මේ සුදානම් වෙන්නේ, මේකනම් ත්‍රෙඩ් වලත් සමහර අය ඉල්ලලා තිබුන චිත්‍රපටයක් ඒකට හේතුව තමා මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වන රංගන ශිල්පියා, ඒ තමයි ලෝකප්‍රකට Ip man චිත්‍රපට මාළාවේ ප්‍රධාන චරිතය රඟදක්වපු සුපිරි සිනමා නළු donnie yen, ip man චිත්‍රපට මාලාවෙ රංගනය වෙනුවෙන් මෙයාට හොද නළුවා කියන සම්මානයත් දිනාගන්න හැකියාව ලැබුනා කියන එකත් කට්ටිය දන්නවා ඇතිනේ, එහෙනම් නළුවා ගැන කිව්වා ඇති, චිත්‍රපටිය දිහාට හැරෙමු, 2014 ඔක්තෝබර් 31 වෙනිදා සිට ලොව පුරා තිරගතවීම ආරම්භ වුන මෙය Teddy Chan විසින් අධ්‍යක්ශණය කරන ලද්දක්, එමෙන්ම ඔහු මෙහි තිර රචනයටත් දායක වෙලා තියෙනවා, මෙහි රංගනය වෙනුවෙන් අපි කලින් සදහන් කරපු donnie yen වගේම Ice man 2014 චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වුන Wang Bioqing මෙන්ම Charlie Young, Michelle Bai වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙල තියෙනව, ඉහල ආදායම් වාර්ථා පිහිටුවමින් තිරගත වුන මෙහි ආදායම විදියට සදහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 180ක්, මේ චිත්‍රපටයේ නම Kungfu Jungle වුනාට, Kung Fu Killer සහ Last of the Best කියන නම් දෙකෙනුත් මෙය හදුන්වලා තියෙනවා, කතාව ගැන සුළු හැදින්වීමක් කරනවානම් Ha Hou-mou කියන්නෙ, පොලිසියේ ආත්මාරක්ශක සටන් කලාව උගන්වන ගුරුවරයෙක්, සටනක් අතරතුරේ සිද්ද වෙන අනතුරකින් මෙයාගෙ අතින් කෙනෙක් මැරෙනවා, ඒ වෙනුවෙන් මෙයාට සිරගත වෙන්න සිද්ද වෙනවා, මේ අතරේ සටන් උපදේශකවරු මරා දාන මිනීමරුවෙක් මතුවෙනවා, අන්තිමට මේ මිනීමරුවව නතර කරන්න පොලිසියට Ha ගෙ සහය ගන්න සිද්ද වෙනවා, මුල ඉදන් අවසානයක් වෙනකම් ක්‍රියාදාම වලින් කිසිම අඩුවක් නැතුව හොද සිනමා අත්දැකීමක් ගන්න පුලුවන් චිත්‍රපටයක් විදියට මේක හදුන්වන්න පුලුවන්, එහෙනම් අපි අදට සමුගන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු, ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.