Banshee 2015 S3E2 සිංහල උපසිරැසි සමඟ.

 http://antonystarr.net/wp-content/uploads/2013/07/lucashoodcomicconposter.jpg


අද මම අරගෙන ආවෙ බැන්ශේ තුන්වෙනු කොටස එක්ක, කලින් කොටකේ කියන්නෙ තුන්වෙනි කතාමාලාවෙ ආරම්භය ගැන මතක් කරනවානම්, කතාවෙ වීරයා හුඩ් වැඩට අත ගහන්න පටන් ගන්නේ කලින් කතාමාලාව අවසානයේදි බැන්ශේ පොලිස් දෙපාර්ථමේන්තුවෙ සේවය කරපු එමිට්ව මරා දාපු හොන්ඩෝ කියන අපරාධකාරයාව මරා දාන එකෙන්, මේකට බ්‍රෝක් වගේම හුඩ්ගෙ පෙම්වතිය කෙලීවත් සම්බන්ද කරගන්නවා, හැබැයි මේ විදියට පොලිස් නිළධාරින් වෙලත් නීතියට පිටින් මේ විදියට අපරාධකාරයෙක් ඝාතනය කරන එකට බ්‍රෝක්ගෙ කැමැත්තක් නෑ, ඒකෙන් වෙන්නේ හුඩ් බැන්ශේ වලට ආව දවසෙ ඉදන් බ්‍රෝක්ට හුඩ් ගැන තිබුන සැකය වැඩි වෙන එක විතරයි ඒවගේම, මෙච්චර කල් අපි දැනන් හිටියෙ නෑ බ්‍රෝක් කියන්නෙ කවුද කියලා, ඒත් මේ කතාසමයෙන් නම් බ්‍රෝක් ගැන දැනගන්න පුලුවන් වෙයි වගේ, ඒවගේම කිනාහෝ ගෝත්‍රයේ නායක ඇලෙක්ස් ලෝන්ග්ශැඩෝව මරපු පලිය ගන්න චේටන් ආපහු බැන්ශේ වලට එනවා, හැබැයි ඒ එන්නේ රෙඩ්බෝන් එකේ නායකත්වය අරගෙන තමන්ගෙ ගෝත්‍රයට තර්ජනයක් වෙන හැම කෙනෙක්ම අයින් කරලා දාන්න තමයි චේටන් සැලසුම් කරන්නේ, චේටන් රෙඩ්බෝන් එකේ නායකත්වය ගත්තට පස්සෙ මුලින්ම කරන්නෙ බැන්ශේ වලට කිට්ටුව තියෙන කෑම්ප් ජෙනෝවා කියන හමුදා කදවුරෙන් ආයුධ කොල්ලකන එක, එතනදි චේටන් දාපු වැඩ ටික දැක්කම කලින් වගේ නෙමෙයි හුඩ්ට චේටන් එක්කනම් ලේසි වෙන එකක් නෑ, දැන් බැන්ශේ වලත් දුනු වායෙකුත් ඉන්නවනේ :D, චේටන්ගෙ මේ කොල්ලකෑම සිද්ද වුනාට පස්සෙ හුඩ් ජෙනොවා කදවුරට ගිහින් ඒ කදවුරේ අණ දෙන නිළධාරි ජෙනරල් ඩග්ලස්ව මුන ගැහෙනවා, එහෙදි හුඩ්ට දැනගන්න ලැබෙනවා මේ කෑම්ප් ජෙනෝවා වල සිද්ද වෙන්නේ හමුදා මෙහෙයුම් වලින් අත්පත් කරගන්න වටින කියන මුදල් වගේ දේවල් හුවමාරු කරන වගේ දේවල් සිද්ද වෙන එක කියලා, හුඩ් කාලයක් තිස්සෙ හොද මංකොල්ලයක් කරන්න සැලසුම් කරගෙන හිටියත් ඒකට හරියන වටිනාකමක් තියෙන තැනක් හබවුනේ නෑ, ඒත් මේ කෑම්ප් එකේ තියෙන වටිනාකම දැක්කම හුඩ් මේ කෑම්ක් එක කොල්ලකන අවධානම් වැඩේට අතගහනවා, හැමදාමත් වගේ මේ මංකොල්ලකෑම් වල මහ මොළකාරයා වෙන සුගර් කෑම්ප් ජෙනෝවා කොල්ලකන වැඩේට නිව්යෝක් වල ඉදන් ආපහු බැන්ශේ වලට එනවා, කැරී බැන්ශේ වලම හෝටලයටක නතර වෙලා ඒකෙ වැඩ කරගෙන යනවා, ඒවගේම තමයි කැරීට අලුත් පෙම්වතෙකුත් ඉන්නවා ඒ තමයි මෙයාලා කොල්ලකන්න හදන කෑම්ප් ජෙනොවා වල ජෙනරාල් ඩග්ලස්, ඒවගේම ගෝර්ඩන් එයාගෙ ලමයි දෙන්නත් එක්ක ගෙදර ඉන්නවා, හැබැයි මෙයාගෙ පවුල් ප්‍රශ්න නිසා ළමයි ගැන බලන්න වෙලාවක් නෑ, ඩේවා එයාගෙ ඇත්තම තාත්තා වෙන හුඩ් එක්ක යාලුකමක් පටන් ගන්නවා, ඒවගේම කතාවෙ මුල ඉදන් දුශ්ඨයා ප්‍රොක්ටර් සති තුනක් නතරවෙලා තිබුන එයාගෙ නීතිවිරොදී ව්‍යාපාර ආපහු පටන් ගන්නවා, ඒ කාලෙ අතරතුරේ ප්‍රොක්ටර්ගෙ ලේලි වෙන රෙබෙකා තමයි ප්‍රොක්ටර්ගෙ ව්‍යාපාර හැම දෙයක්ම බලාගන්නේ, ඒවගේම මේ දෙන්නා අතරේ අඹුසැම් සම්බන්දයකුත් ආරම්භ වෙනවා, ඒවගෙම රෙබෙකා ටිකෙන් ටික ප්‍රොක්ටර්ගෙ පාරෙ ගමන් කරන්න පටන් ගන්නවා, කොහොමින්හරි චේටන් දැනගන්නවා ඇලෙක්ස්ව මැරුවෙ රෙබෙකා කියන එක, රෙබෙකාව හොයාගෙන එන චේටන් තමන් ආපහු එනවා කියන තර්ජනයත් රෙබෙකාට කරගෙනමයි ආපහු යන්නේ, ඇලෙක්ස්ගෙ සහොදරිය වෙන නෝලාත් එයාගෙ අයියව මරපු පලිය ගන්න ආපහු බැන්ශේ වලට එනවා, මේ විදියට කතාවෙ ඉන්න හැම කෙනෙක්ම දැන් බැන්ශේ වලට ඇවිත් ඉතින් කලින් කතාවලට වඩා හොද කතාවක් මේ වතාවෙ බලාගන්න පුලුවන්, ඔය විදියට තමයි කතාමාලාවෙ ආරම්භය සිද්ද වෙන්නේ, එහෙනම් කුතුහලයෙන් පිරුණ අද කොටස නරඹන්න කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු! ජයවේවා!

No comments

Powered by Blogger.