Lingaa (2014) සිංහල උපසිරැසි සමඟ.




අපි අද දවසෙ ඔයාලට ලබා දෙන දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ, ගොඩක් දෙනෙක් මේකෙ හොද කොපියක් එනකම් බලන් හිටියනේ, මේකෙ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තාම වැඩි දවසක් නෑ, වැඩි විස්තරයක් නැතුව කතාව පැත්තට හැරෙමු, policegiri 2012 වගේ චිත්‍රපට අධ්‍යක්ශණය කරපු K.S Ravikumar ගෙ අධ්‍යක්ශණයෙන් හැඩ වුන මෙහි නිශ්පාදනය සිදු කරලා තියෙන්නේ Rochline Venkatesh විසින්, මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් දකුණු ඉන්දීය සිනමාවේ සුපර් ස්ටාර් විදියට හදුන්වන රජිනිකාන් රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි රංගනයෙන් දායක වන සෙසු නළු නිළියන් ලෙස Irandam Ulagam 2013, Mirchi 2013 වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Anushka Shetti, බොලිවුඩ් සුරූපී නිළි Sonakshi Sinha, වගේම දමිළ සිනමාවෙ කවට තරුව වන Santhanam රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම මෙහි සංගීත අධ්‍යක්ශණය සිදු කරලා තිබෙන්නේ ඉන්දීය සම්මානලාභී සංගීත අධ්‍යක්ශ AR Rahman විසින්, 2014 දෙසැම්බර් 12 වෙනි දින තිරගතවීම ආරම්භවුන මෙය මිනිත්තු 178ක් පුරා දිව යනවා, IMDB දර්ශකයේ මෙය 6.7 ක අගයක් රදවාගන්න සමත්කම් දක්වලා තියෙනවා, ඉන්දිය රුපියල් කෝටි 100ක බර පැන දරා නිර්මාණය වුන මෙහි මේ දක්වා ආදායම විදියට සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 148ක්, ඉතින් මේක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් තවමත් තිරගත වෙන සිනමා නිර්මාණයක්, කතාව පැත්තට හැරෙනවානම්

මහරාජා ලිංගේශ්වර් කියන්නේ සොලෙයිපූර් ගමේ ජිවත් වෙන සාමාන්‍ය මට්ටමේ හොරෙක්, මෙයගෙ මුනූපුරා තමයි ලිංගා(Rajinikanth), මේ ගමට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ඒක තමයි ඉදිකිරීමේ සමාගමකින් ගමේ හදවත වගේ තියෙන වේල්ල ඉවත් කරලා අලුත් වේල්ලක් ඉදිකරන්න හදන එක, සමාගමෙන් අල්ලස් ගන්න නිසා මේ අලුත් ඉදිකිරීමට රජයේ අනුමැතියත් හිමි වෙනවා, මේ වෙනුවෙන් ගමේ අය ශිව දෙවෙනියන්ට පූජාවක් සූදානම් කරනවා, ඒකට ගම්මු තීරණය කරනවා මහරාජාගෙ මුණුපුරා වෙන ලිංගාට ආරාධනා කරන්න, හැබැයි මේ වෙනකොට මහරාජා ලිංගාව ගෙදරින් එලවලා දාලා තියෙන්නේ එයා නාස්තිකාර විදියට ජීවත් වෙන නිසා, ඒත් ගම්මුන්ගෙ බල කිරීම නිසා ලිංගාට මේ පූජාවට ආරාධනා කිරීම කරනවා ඒකට හේතුව ගම්මු විශ්වාස කරනවා මේ වේල්ලෙ ප්‍රශ්ණය ලිංගාට විසදලා දෙන්න පුලුවන් වෙයි කියලා, ඊටපස්සෙ කතාවෙ අතීත කොටසක් මතක් කරනවා, කතාව රසවින්දනයට බාධාවක් වෙන නිසා මීට වඩා විස්තර කරන්න යන්නෙ නෑ, එහෙනම් මේ සුපිරි කතාංගය රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක ගිහින් එන්නම්, තවත් දමිළ චිත්‍රපට කීපයකින් හමුවෙමු! ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.