හොල්මන් බංගලාව Demonte Colony (2015) සිංහල උපසිරැසි සමඟ



එකම විදියේ චිත්‍රපට දෙකකට පස්සෙ මේ වතාවෙ අපි අරන් ආවෙ වෙනස් විදියේ ෆිල්ම් එකක් ඒ කිව්වෙ, හොල්මන් වලට කැමති අය වෙනුවෙන් තමයි අපි මේ ෆිල්ම් එක අරන් ආවෙ, මෙහි අධ්‍යක්ශණය සහ රචනය යන දෙකම සිදු කරලා තියෙන්නේ ajay gnanamuthu විසින්, මැයි 22 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මෙය මිනිත්තු 120ක් පුරා දිව යනවා, ඇමරිකානු ඩොලර් මිලියන 0.3ක වියදමක් දරා නිමවූ මෙහි සමස්ථ ආදායම විදියට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් උපයාගන්න සමත්වෙලා තියෙනවා, ඉතින් ෆිල්ම් එක පට්ට එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, ඒවගේම දමිළ චිත්‍රපට වලට සමාන්‍යයෙන් IMDB දර්ශකයේ හිමි වෙන්නේ අඩු අගයක් වුනත් මේක 7.2/10 වගේ ඉහල අගයක් රදවාගන්න සමත් වෙලා තියෙනවා, මේකෙ කතාව දිහාට හැරෙනවානම්, ශ්‍රීනි, විමල් රාගවන්, සජිත් කියන්නේ එකට නතර වෙලා ඉන්න යාලුවො හතරදෙනෙක්, කොල්ලො හතර දෙනෙක් එකට ඉන්නවා කියන්නේ ආයෙ අහන්න දෙයක් නෑනේ, අනිවා සෙට් වෙනවනේ, කොල්ලො ඉතින් බිව්වට පස්සෙ හිතට එන දේ කරනවනේ සිංහයා ඉන්නේ බඩේ නිසා , හැබැයි වෙරි හිදුනට පස්සෙ තමයි කරපු ගොංකම් මතක් වෙන්නේ, ඉතින් මේ හතරදෙනත් මේ විදියට සෙට් වෙලා ඉන්න වෙලාවක පොඩි ත්‍රිල් එකක් ගන්න ඕනෙ දෙයක් කරන්න ඕනෙ කියලා කතා වෙනවා, ඒකට මේ අය යෝජනා කරන්නේ, demonte colony කියන බංගලාවට යමු කියලා, මේක එසේ මෙසේ බංගලාවක් නෙමේ තනිකරම හොල්මන් බංගලාවක් මේකට ගිය කෙනෙක් ආපහු පන පිටින් ඇවිත් නෑ, කොහොමහරි හතරදෙනාම මේ බංගලාවට ඇතුලු වෙනවා, ඊටපස්සෙ තමයි කතාවෙ හොදම හරිය තියෙන්නේ, යාලුවො හතරදෙනාට මොනා වෙයිද, මේ අය දැන දැනත් මෙහෙම කරන්න හේතුව මොකද්ද, ආපහු හතරදෙනාටම පන පිටින් එන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න කතාව නරඹන්නම වෙනවා, කාලෙකට පස්සෙ ආව සුපිරිම ටැමිල් ෆිල්ම් එකක්, හොරර් රසිකයන් මේක මඟඟරගන්න එපා කියන ඉල්ලීමත් එක්ක, මම ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.