Megha (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් අපේ ආදරය කරන යාලුවන් වෙනුවෙන් ලස්සන ආදර කතාවක් අරන් ආවා. 2014 වර්ශයේ තිරගත උන එකක් තමා හැදාම වගේ මේ සැරෙත් අරන් ආවේ. හැමෝම ආදරය කරනවානේ. ඒ ආදරය කොච්චර කොච්චර වටිනා දෙයක්ද කියලා මේක බැලුවම තේරෙයි. ආදරය කියන එක නිකන් අකුරු 4ක් නෙමෙයි. ඒක තුල විශලා අර්ථයක් තියෙනවා කියන දේ ඔයාලට වැටහෙයි. කරන්නම් වාලෙ ආදරය නොකර තමන් ආදරය කරන කෙල්ලට ඇත්තටම මේ වගේ ආදරය කරන්න ඕනේ.

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Karthik Rishi විසින් ඒ වගේම සංගීතය නිර්මණය කරපු කෙනා ගැන කියන්නම ඕනේ. ඒ අපි හැමෝම දන්න Ilaiyaraja මෙයාගෙ සංගීතයෙන් හැඩඋන එකක් කියන්නේ අනිවාර්යෙන්ම සංගීතය මේක සුපිරියට තියෙන්නම ඕනෙනේ. රංගනය ලබා දෙන නලු, නිලි දෙපල නම් ශේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නෑ. නමුත් රංගනය නම් නවකයන් වශයෙන් ඉහල මට්ටමක තියෙනවා. ඒ තමයි Ashwin Kakumanu, Srushti Dange යන දෙදෙනා. 2014 අගෝස්තු 22 ප්‍රථම තිරගත කිරීම ආරම්භ කරන මෙය සඳහා IMDB මීටරේ 6.2 අගයක් කැරකවිලා තියෙනවා. ඒ කියන්නේ හොද මට්ටමක් මේ චිත්‍රපටියට තියෙනවා කියන එක. මේකෙ නලුවා සම්බන්ද උන චිත්‍රපටි කිහිපයක්ම අපි පහුගිය කාලෙ දීල තියෙනවා. ඒ අතරින් 7aum Arivu,Biriyani, Mankatha, ඔන්න ඔය වගේ කිහිපයක්.

කතාවෙ සිද්ධවෙන්නේ චිත්‍රපටිය ආරම්භයේදි නලුවා එහෙමත් නැත්නම් මුගිලන් රෝහලකට අමාරුවෙන් ඇවිත් එයා දන්න නර්ස් කෙනෙක් ඉදිරියේ වැටෙනවා. මුගිලන් තුවාල වෙලා ඉන්නේ. ඒ වෙලාවෙ රෝහලේ තරුන ගෑනු ලමයෙක්ට ලොක සැත්කමකුත් කරනවා. මේ නර්ස්ව තමයි මුගිලන් කසාද බදින්න කතා කරලා තියෙන්නේ. ඒත් ඒක සිද්ධ වෙන කසාදයක් නම් නෙමෙයි. ඒ ඇයි කියලා බලන්න වෙන්නේ මේක අරගෙනම තමයි. කොහොම හරි මේ මේ නර්ස් මුගිලන්ගෙන් වෙච්ච දේ ගැන අහනවා. ඒ සිද්දියෙත් පොඩි කොටසක් කියන්නම්. මුගිලන් සම්මුක පරික්ෂනයකට යන්න ඉන්න වෙලවෙ කලන් කිවුව නර්ස්ව මුන ගැහෙනවා. ඒත් එයා බස් එකක නැගලා යන්න යනවා. ඊට පස්සේ එතනට ලස්සන ගෑනු ලමයෙන් එනවා.

මුගිලන්ට මේ ගෑනු ලමයා ගැන අදහසක් ඇති වෙනවා. මේ විදිහට දෙන්නගේ කාරණව සිද්ධ වෙද්දී මුගිලන් තාත්ත කෙනෙක්ට වගෙ ආදරය කරන චෙන්නායි නගරයේ ADGP වරයාව ගාතනය කරනවා. ඒ කේස එක සියදිවි නසා ගැනීමක් ලෙසයි අවසන් වෙන්නේ. ඒත් මුගිලන් කියන්නේ මේක මිනීමැරුමක් කියලා. මුගිලන් ඒ ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ සෙවිල්ල නිසා මුගිලන් විශලා ප්‍රශ්න රැසකට මුහුන දෙනවා. කොච්චර දරුනු ප්‍රශ්නද කියලා ඔයාලම බලන්න. කවුද ADGPව ගාතනය කරන්නේ? කවුද අර ඉස්පිරිතාලෙ හිටපු ගෑනු ලමයා? එයත් එක්ක මුගිලන්ට සම්බන්දයක් තියෙනවද? ඇයි කතා කරපු කසාදෙ කැඩෙන්නේ? කියන ප්‍රශ්න සේරටම විසදුම් ඔයාලට හොයා ගන්න දීලා මම යනවා

මීට කලින් දාපු සබ් වෙනුවෙන් අදහසක් දාල ගියා හැමදෙනාටම මාගෙ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා හැමෝටම සුබ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.