Mortal Kombat (1995) සිංහල උපසිරැසි සමඟ.




මේක මගේ පළමුවැනි උපසිරසි ගැන්වීම.පළවෙනියටම තෝරා ගත්තේ ටිකක් පරණ එත් සුපිරි ෆිල්ම් එකක්.mortal kombat පරිගණක ක්‍රීඩාව නම කිව්ව ගමන් හැමෝම දන්නා පරිගණක ක්‍රීඩාවක්.මේ ක්‍රීඩාව පදනම් කරගෙන තැනු චිත්‍රපට මාලාවේ පළමුවැන්න වන මෙය අධ්‍යක්ෂණය කළේ Paul anderson විසිනුයි.තිර රචනය Kevin droney විසිනුයි.1995 අගෝස්තු මාසයේ නිකුත් වුණ මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.6ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.Mortal Kombat: Annihilation නමින් 1997 නිකුත් වුණේ මෙහි දෙවැනි චිත්‍රපටයයි. කතාව පැත්තට හැරුණොත් මේ කතාව දිවයන්නේ මරණිය සටනක් පිළිබඳවයි.නැතිවූ ලෝකය නම් වූ අත හැරලා දාපු ලෝකයක ඉන්න අධිරාජ්‍යයෙක් තමන්ට පාලනය කරන්න හා වහල් බවට ගන්න අලුත් ලෝකයක් හොයනවා.ඔහු මේ සදහා උපයෝගී කරගන්නේ මරණිය සටන නම්වූ සටන් තරගාවලියක්.එයින් පිට පිටම දසවතාවක් ඔහුගෙන් පරාද වන ලෝකයට ඔහු ඇතුල් වෙනවා.මේ අවස්ථාවේදී තර්ජනයට මුහුණපාලා ඉන්නේ පෘතුවිය.පෘතුවිය නැව වතාවක්ම පරදිලයි ඉන්නේ. මේක තමයි පවත්වන දහවෙනි එක.මේ තරගය පැරදුණොත් පෘතුවියත් ඉවරයි. අධිරාජ්‍යයාගේ මායාකාරයා සැන්ග් සුන්ග් පෘතුවියේ ඉන්න හොදම සටන් කරුවන්ට තරගයට අරාධනය කරනවා.

ඒ සදහා ඔහු විවිධ ක්‍රම පාවිච්චි කරනවා.තමන්ගේ සහෝදරයා මැරූ පලිය ගන්න ලියු කෑන්ග් නම් තරුණයා,තම සහයකයාව මැරූ පලිය ගන්න සෝන්යා නම් තරුණිය හා තමන් දක්ෂ සටන් කරුවෙක් කියා ඔප්පු කරන්න ජොනී කේජ් නම් තරුණයාත් තරගයට ඉදිරිපත් වෙනවා.ඔවුන්ට පෘතුවිය බේරාගැනීමට ලැබෙයිද?පෘථුවි රාජ්‍යයේ ආරක්ෂකයා වූ රේයිඩන් උතුමාණන් ඔවුන්ට උදව් කරයිද? මගේ පළවෙනි උපසිරසිය නිසා වැරදි,අඩුපාඩු ගොඩක් ඇති.වැරදි පෙන්නලා දීලා සහයෝගයක් දෙන්න



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අමිල ඉසුරු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.