Smallville (2002) S02 E01 - 23 සිංහල උපසිරැසි සමගින්





ඔන්න එහෙනම් ඔයාලා කවුරුත් දන්න සුපර්මෑන්ගේ සම්පූර්ණ දෙවැනි කතාමාලාවයි අරගෙනයි ආවේ. මුලින්ම පළමු කතාසමය ඔයාලට දෙන්න උදව් කරපු තාරක අයියා ඇතුළු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම තාරක අයියා කිව්වා වගේ අපි දෙවැනි කතාමාලාව දෙසැම්බර් මාසයේ දෙන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් නොවැළැක්විය හැකි හේතු කීපයක් හින්දා මේක ජනවාරි මාසයේ මැද භාගය වෙනකම් කල් දාන්න වුණා. කොහොමවුණත් තෙවැනි කතාසමය මේක ඔයාලගේ අතට පත්වෙද්දීත් උපසිරැසි ගැන්වීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

කලින් සීසන් එකේදීත් මේ කතාව කිව්වා. නැවතත් මේක කිව්වට පාඩුවක් වෙන්නේ නෑ කියලා හිතනවා. Superman කියන චරිතය ලොවට දායාද කලේ DC කොමික්ස් කියන ලොව සුපතල කොමික්ස් ආයතනයයි. මේ චරිතය මුල් වරට හඳුන්වා දුන්නේ 1932 දී Jerry Siegel සහ Joe Shuster කියන නිර්මාණ ශිල්පින් දෙදෙනා විසිනුයි. ඒ එකල Detective Comics, Inc ලෙස හැඳින්වූ සහ අද DC කොමික්ස් කියන ආයතනයේ කොමික්ස් පොතකටයි. සුපර් මෑන් කියන්නේ පෘතුවියේ මනුෂයෙක් නෙමෙයි. කොමික් පොත් වල සඳහන් වන අයුරින් ඔහු පැවතෙන්නේ Krypton කියන ග්‍රහ ලෝකයෙන්. ඔහුගේ පියා විද්‍යාඥයෙක්. නමුත් ඔවුන්ගේ ග්‍රහ ලොවේ සිදුවෙන විනාශ වීමක් නිසා ඔහුව ඔහුගේ පියා කුඩා කාලයේදීම රොකට්ටුවකින් පෘතුවියට එවනු ලබනවා. පසුව පෘතුවියේ Smallville කියන කුඩා ගමේ ගොවිපල යුවලක් විසින් මේ ළමයට Clark Kent කියා නම තබා ඔහුව හදා වඩා ගන්නවා. නමුත් ටික කාලයක් යන විට ඔහුගේ විශේෂී හැකියාවන් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. පසුව ඔහු Daily Planet නම් වූ පුවත්පත් ආයතනයේ වැඩ කරනවා.

පළමු කතාසමය අවසානයේදී ඔයාලට මතක ඇති නික්සන් ඇවිල්ලා ක්ලාක්ගේ රහස් දැනගෙන කෙන්ට් පවුල විනාශ කරලා දාන්න හදනවා. ඒ වගේම ලානාව ටොනේඩෝවකට අහුවෙනවා. තව ලෙක්ස් ගැන කිව්වොත් ඔයාලට මතක ඇති එයාලගේ නිවසේ සිදුවුණු අනතුරින් එයාගේ තාත්තාව බේරගන්න එයා අදි මදි කරන හැටි. තව විට්නි හමුදාවට බැඳෙන්න සූදානම් වුණු හැටිත් මතක ඇතිනේ. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුරු මේ කතාසමයේදී ඔයාලට දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම තෙවැනි කතාසමයේ ක්ලාක් අනිත් අයට කරපු හොඳ දේවල් එයාගේ පස්සෙන් එළවාගෙන එනවා. ඒ වගේම ක්ලාක්ගේ දෙමව්පියන් ගැන වැඩි විස්තරයක් මේකෙදී දැනගන්න පුළුවන් වේවි. ලෙක්ස් සහ එයාගේ තාත්තා අතර යුද්ධය නම් ඉවරවෙන පාටක් නෑ. මොකද දෙන්නම හදන්නේ බුද්ධියෙන් එකිනෙකාව පරදවා ජයගන්න. ඒ වගේම කලින් කිව්වා වගේ ක්ලාක්ට එයාගේ යෙහෙළියන් අතරින් තම පෙම්වතිය තෝරාගැනීමේ ලොකු අවුලකට මුහුණදෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ගල් හදවතක් තියෙන ලෙක්ස් පවා සසල කරවන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා නොවැ. ඔය කිව්වේ කතාමාලාවේ සාරාංශය. කතාමාලාවේ අවසානයේදී ක්ලාක් මහ විනාශයක් තමයි කරගන්නේ. ඒ වගේම මටනම් හිතෙන්නේ තෙවැනි කතාසමය පටන්ගන්නත් කලින්ම ලෙක්ස් පරලොව යන්න ලෑස්ති වෙනවා කියලා. දන්නවනේ ලූතර් මහත්තයාගේ හැටි.

ඒ වගේම මට විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙනවා. ඔයාලා දන්නවනේ ක්ලොයි එයාගේ ඉස්කෝලේ පත්තරයක් කරගෙන යනවා කියලා. මේ පත්තරයේ නම තමයි Torch. ඉතින් මං සමහර තැන්වලදී මේක පරිවර්තනය කරේ නෑ. ඒත් කතා සමයේ අග හරිය වෙනකොට මං ඒක ටෝච් කියලාම දැම්මා. ඉතින් ඒ ක අපි රෑට අරගෙන යනගෙන ටෝච් එකක් කියලා වැරදියට හිතන්න එපා. ඒ වගේම ක්ලොයි අබිරහස් හොයන්න කැමති කෙනෙක් කියලා දන්නවනේ. ඔයාලා අර රහස් පරීක්ෂකයින් එයාලට අවශ්‍ය කරන විස්තර පත්‍රිකා ලෑල්ලක ගහලා එක එක නූල් වලින් සම්බන්ධ කරලා තියෙනවා දැකලා ඇතිනේ. ඉතින් ඒ වගේ පුවරුවක් ක්ලොයි ළඟත් තියෙනවා. ඒකට කියන්නේ wall of weird කියලා. එයාලා ස්මෝල්විල් වල සිදුවෙන හැම අමුතු සිදුවීමක්ම මේ පුවරුවේ අලවනවා. මං ඒක පරිවර්තනය කරේ "අත්භූත බිත්තිය" කියලා හොඳේ. ඒ වගේම මේ කතා මාලාවේ Metropolis කියලා නගරයක් තියෙනවා. මුල් හරියෙදී ඒ ගැන වැඩි අවබෝධයක් තිබුණේ නැති හින්දා මං ඒකට අගනුවර කියලා දැම්මේ. මොකද ඒ වචනයේ තේරුම තමයි අගනුවර කියන එක. ඒත් අගහරිය වෙනකොට ඒක මෙට්‍රොපලිස් කියලා දැම්මට මාත් එක්ක තරහ වෙන්න එපා හොඳේ. ඔන්න එහෙනම් මගේ අතින් සිදුවුණු අත්වැරැදි ටිකක් පෙන්වලා දුන්නා. එහෙනම් ආතල් එකේ සම්පූර්ණ දෙවැනි කතා සමය නරඹන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.