The Scorpion King 4 Quest for Power (2015) සිංහල උපසිරැසි සමඟ.




මුලින්ම හැමෝටම සුබ අලුත් අවුද්දක් වේවා!! ඔන්න එහෙනම් 2015 නිකුත් වුණු චිත්‍රපටියකට ZM එකෙන් මුල්ම උපසිරැසිය අරගෙන එන්නේ මං තමයි. මේකත් ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දී අහම්බෙන් ඇසගැටුණු චිත්‍රපටියක්. මේක නිකුත් වෙනවා කියලා තිබුණේ ජනවාරි 13. ඒත් ඉතාම ගුණාත්මක භාවයෙන් යුතු පිටපතක් මට ලැබුණා. ඒ වගේම මේක මේ චිත්‍රපට මාලාවේ පෙර චිත්‍රපට වලට කිසිම සම්බන්ධයක් නෑ. ඒක හින්දා කිසිම බාධාවකින් තොරව රසවිඳින්න පුළුවන් කියලා මං සහතික වෙනවා.

ඉතින් කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ගෝනුසු රජු හෙවත් ස්කෝපියන් කිංග් එයාගේ හවුල්කාරයා සමඟ රජතුමාගේ රාජකාරියක් අවසන් කරන්න යනවා. ඒ තමයි අල්කමාන් සාමිවරයාගේ බලයන් ලබාගන්නා හැටි ලියවිලා තියෙන බඳුනක් අරගැනීම. (අල්කමාන් සාමි කියන්නේ අහසේ ගමන් කරන්න පුළුවන්, ගින්දර පාලනය කරන්න පුළුවන් කෙනෙක්ලු) ඉතින් මේකෙදී මෙයාගේ හවුල්කාරයාගේ අතට බඳුන ගියාට පස්සේ එයා ගෝනුසු රජුට ද්‍රෝහි වෙනවා. ඔය සිද්ධියෙන් පස්සේ මෙයා අුර බඳුන හොයාගෙන හවුල්කාරයාගෙන් පළිගන්න යනවා. ඉතින් මේ අතරේදී මෙයාට තව දෙන්නෙක් එකතු වෙනවා. බඳුනේ තියෙන සටහන් විකේතනය කිරීමේ හැකියාව ඇති සෑම දෙයක් දිහාම විද්‍යාත්මක ඇසින් බලන නව නිර්මාණකරුවෙක්, තමන්ගේ පවුලේ නැතිවුණු කීර්තිය නැතව ලබාගැනීමට වෙරදරන සටන්කාමී තරුණියක්, සහ ගෝනුසු රජු. ඉතින් මේ තුන්දෙනා එකතු වෙලා තමන්ගේ සතුරන්ගෙන් බේරීම සඳහා එම බලය අරගන්න සුදානම් වෙනවා. ඉතින් මේ බඳුනේ සටහන් වෙලා තියන්නේ මොනවද, අල්කමාන් සාමිගේ සැඟවුණු රහස කුමක්ද, එය නිධානයක්ද නැත්නම් වෙනත් දෙයක්ද, අල්කමාන් සාමිගේ බලකොටුව ආරක්ෂා කරන මකරාව පරදවන්නේ කොහොමද ආදී වශයෙන් විවිධ වීර ක්‍රියාවන්ගෙන් යුතු මේ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා.

මේක හරියට ඉන්දියානා ජෝන්ස් නිධන් හොයන්න ගියපු කතා වගේ. කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම අමතර කරුණක් කියන්නම්. මේ චිත්‍රපටයේදී නළුවන්ට සටන් පුහුණු කරන කෙනාට පළමු පටිගත කරීමේදී කකුළේ කඩුවක් ඇනිලා මැහුම් දාන්න වුණාලු. මාර විහිළුව. එහෙනම් නැවත හමුවෙමු...

"කඩුවක් සහ ඔටුන්නක් තිබුනු පලියට රජෙක් වෙන්න බෑ"



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.